IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අටළුගම ඇසිඩ් බූලි සැඟවීමේ තවත් රහස් එළියට

(*** බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ඇසිඩ් මිලදීගත් වෙළෙඳසල් දෙකකින් බවට මේ වනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඒ බව අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් හෙළි කළ තොරතුරු අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කොළඹ හෙට්ටිවීදියේ පිහිටි එම වෙළෙඳසල් දෙකට ගොස් එම ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රකාශ ගැනීමේදී බව පොලිසිය පවසයි.
එම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබාගත් බව ද පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අටළුගම මාරාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහර දී පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමකදී නයිට්‍රික් ඇසිඩ් තොගය සැකකරුවන් දෙදෙනාගේ නිවෙස්වල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මීට සති දෙකකට පෙරත්, අනෙක් සැකකරු මාස දෙකකට පෙරත් මේවා මිලදී ගත් බවට එම වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් ප්‍රකාශ කර ඇත.

නමුත් මේවා ගබඩා කර තැබීමට සැකකරුවන්ට බලපත්‍ර හෝ මිලදී ත් බවට රිසිට්පත් හෝ නොතිබූ බව පොලිසිය කියයි.
හෙට්ට්විදීයේ වෙළෙඳසල් දෙකේ ඇසිඩ් විකුණා ඇත්තේ කිසිදු වගකීමකින් නොවන බවත් බලපත්‍රයක් තිබේදැයි හෝ පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන් ඉල්ලූ පමණින් ඔවුන් ඒවා අලෙවි කිරීම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මිනිස් ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තවත් ජීවිත දහසකට ආසන්න සංඛ්‍යාවක් සදාකාලික ආබාධිත පුද්ගලයන්ගේ තත්ත්වයට පත්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකට අධික කාලයක් ගතවී ඇතත් මෙවැනි දෑ අලෙවි කිරීමේදී පිළිපැදිය යුතු නියමයන් පිළිබඳ එම ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ ද යන්න ගැන පසු විපරමක් කිරීමට වගකිව යුතු ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු නොවී ඇති බව මෙමගින් වඩාත් තහවුරු වන බව පොලිස් නිලධාරියා කීය.

ඇසිඩ් සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු පාස්කු දින ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාගේ පියා වන යූසුප් ඊබ්‍රාහිම් සමග 2017 වසරේදී සම්බන්ධතා පවත්වා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව ද උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ද මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, පොලිස් අධිකාරි ඩී.යූ.ටී. අමරතුංග, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ප්‍රියංකර, පොලිස් සැරයන්වරුන් වන (27061) අනුර, (39085) මනම්පේරි, (51630) සුමින්ද හා පොලිස් කොස්තාපල් (16322) බණ්ඩාර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (4)

අටළුගම ඇසිඩ් බූලි සැඟවීමේ තවත් රහස් එළියට

DM Monday, 14 September 2020 10:29 AM

එතකොට ඒවා විකුණපු අයට දඩයක් ගහන්නේ නැද්ද?

:       2       43

Bamunuarachchi Tuesday, 15 September 2020 04:42 AM

සිංහල ගමක්, මරක්කල ගමක් වුණේ කාගේ වරදින්ද? කාගේ සංහිඳියාවෙන්ද? දැන් සිංහලයාට සංහිඳියාව හකුලාගන්න කාලේ ඇවිත්...

:       25       0

BamunuarachchiThursday, 17 September 2020 01:32 AM

මේවා කියවන විට අරගොල්ලන්ට ඌරු ජුවල්නේ.. ඒකනේ ඩිස්ලයික් දමන්නේ.

:       0       0

BamunuarachchiThursday, 17 September 2020 01:34 AM

අපි සංහිඳියාව අකුලා ගමු. ඉඩකඩම් සිංහල දරුවන්ට ඉතිරිකරමු. අනාගතයේදී සිංහලයින් ඉඩම් නැති අනාථයින් කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23078 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10849 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site