IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි

(අජන්ත කුමාර අගලකඩ)

ආනයනික පොහොර සඳහා බිල්පත් පියවීම වෙනුවෙන් රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 3500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.


ලංකා පොහොර සමාගම විසින් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රුපියල් කෝටි 561ක මුදලක් ද කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රුපියල් කෝටි 340ක පමණ මුදලක් ද මහජන බැංකුව වෙත ගෙවිය යුතුව ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

රාජ්‍ය පොහොර සමාගම් දෙකට පොහොර ආනයනය සඳහා මහජන බැංකුවෙන් ණයවර ලිපි නිකුත් කර තිබූ අතර මේ වන විට එම ණයවර ලිපි කල්පිරී ඇත.

මේ අතර පොහොර සමාගම් දෙකේ ණය වාරික ගෙවීම සඳහා මේ වසරට තවත් කෝටි 1000ක පමණ මුදලක් ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පොහොර සමාගම් සඳහා මේ වසරේ පියවිය යුතුව ඇති රුපියල් කෝටි 1600ක පමණ මුදලක් ද අවශ්‍ය වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ සියල්ලට අමතරව 2020 වසරේ පොහොර සහනාධාර වැඩසටහන සඳහා තවත් රුපියල් කෝටි 5400ක පමණ මුදලක් අවශ්‍යවනු ඇතැයි ද ගණන් බලා තිබේ.



අදහස් (1)

රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි

Chathuri Monday, 10 February 2020 11:15 PM

කොහොමද වේදිකාවේ ඉදන් බෙරිහන් දුන්න හැටි, අපි අවාම පොහොර නොමිලේ දෙනවා දැන් තමුන්නාන්සේලාගෙන් අධික මිලක් අය කරනවා, අපිට ඡන්දෙ දෙන්න මේ බව එදා මේවා කියනකොට මේ ආයතන උඩ බලන් හිටියේ එලියට ඇවිත් කියන්න තිබුන දැන් මොනවද කියන්නේ.?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site