
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොලිසි විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම හිටපු නාගරික මන්ත්‍රීවරිය පිලියන්දල ප්‍රදේශයේම පදිංචි කාරියකි.
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ මෙම පැමිණිලි 11 සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මෙම හිටපු නාගරික මන්ත්‍රීවරියට පිලියන්දල පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිසියෙන් කරන ලද දැනුම්දීමට අනුව ඇය පැමිණි බව පොලිසිය කියයි.
මුදල් වංචා කිරීමේ සිද්ධීන් 11 ට අදාළව විමර්ශනයක් පවත්වා හෙළි වූ කරුණු මත හිටපු නාගරික මන්ත්‍රීවරිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරිය ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd