(ඉන්දිකා රාමනායක)
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පාර්ලිමේන්තුව පිවිසුමේ මාර්ගයේ දී ඊයේ (03) සවස පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේහිදී පොලිසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් සාමාජයේ නොයෙක් දෙනා චෝදනා කරන බවත් එය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙහිදී පොලිස් නිලධාරීන් කි‍්‍රයා කර ඇත්තේ පවතින නීති රාමුව තුළද නැතහොත් නීති රාමුවට පරිබාහිරින් ද යන්න හෙළි කරගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කීය.
මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් පොලිස් නිලධාරියෙකු තවමත් කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරයත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ වෙසෙන, යුක්තිය අගයන, නීති ගරුක කිසිදු පුරවැසියෙක් මේ සිද්ධියේදී, පොලිසියට දොස් නගා නැහැ. පොලිසිය ක්‍රියා කල ආකාරය ජනතාව අනුමත කර සිටිනවා. ඒ අතර සිසුන්ව නොමග යවන කල්ලි කණ්ඩායම් පොලිසියට නිකරුනේ දොස් නගනවා වන්නට ඇති. කරුණාකර මේ සිසුන්ව මෙහෙයවන කල්ලි වල නායකයින්ව අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම සිද්ධියේදී, නිසිලෙස රාජකාර කල නිලධාරීන් පිලිබදව පරීක්ෂා කොට ඔවුන් හට උසස්වීම් ලබා දෙන්න. ශ්‍රී ලංකා පොලිසියට ජනතාවගේ උපහාරය!!!
මා සිතන්නේ ඒ අවස්ථාවේදී පොලිසිය ක්‍රියා කල ආකාරය නිවැරදිය කියායි.
බිම වැටුන කෙනාට පයින් ගැසීම බලය ඉක්මවා යාමක්. කැමරා ඉස්සරහ පිටම ඒක කිරීම මෝඩකමක්. ශිෂ්‍යයන් ඉත්තන් වශයෙන් පාවිච්චි කරන බංකොලොත් දේශපාලුවන් කීප දෙනෙකුට ආයුධයක්. ශිෂ්‍යන්ට වීරකමක්. මහ මග හැමදාම මෙහෙම රස්තියාදු වෙවී ඉන්න අපට නම් කරුමයක්!
පොලිසිය මෙතෙක් මේ මහපාරේ දඟලන අය ගැන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබද අප සිටියේ කනස්සල්ලෙන්. නමුත්, රටේ පොදු මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට බැදී සිටින පොලිසිය මෙතැනදී ක්‍රියා කල ආකාරය ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.
කවුරුත් නෙමෙයි තමන්ගේ ළමයාව රටට, මහජනයාට හිසරදයක් වෙන්නේ නැතිව හදන්න බැරිවුන මව්පියන්ව අල්ල ගන්න. පොඩි වයසේ සිටම උගන්වා තිබෙන්නේ අයිතිවාසිකම් ගැන පමණයි රටට පවුලට සමාජයට ඉටු කල යුතු යුතුකම් කොහෙද. අන්තිමට මහගෙවල් වලින් වයසක මව්පියන් එලියට යවන්නේ, බලු කුඩු වලට දමන්නේ, දෑවැද්ද ඉල්ලා මව්පියන්ගේ බෙලි මිරිකන්නේ මෙන්න මේ කොට්ටාශය. ඒ මොකද ඒ දරුවන් දන්නේ බෙරිහන් දී අරගල කර අයිතිවාසිකම් දිනා ගැනීම විතරයි. උසස් පෙළ විතරක් සමත් තරුණයන් පුළුවන් හැටියට රැකියා සොයා ගෙන , මහලු මව්පියන්වත් බලා ගෙන රටටත් හිසරදයක් නොවී ජීවත් වෙනවා.
පසුගිය දින 52 ආණ්ඩු ප්‍රශ්නයේදී පාර්ශව දෙකම පාරවල් හරස් කරමින් රැස්වීම් පැවැත්තුවා. පොලිසියෙන් මුකුත් කලේ නැහැ. ඇයි කොටස් දෙකකට දෙවිදියකට සලකන්නේ?
පෙළපාලිය විසුරුවන එක එකක් නිරායුද ළමයින්ට බිම දමාගෙන පහරදෙන එක තව එකක් ඒවත් හොදයි කියන මන්දමානසිකයන් ඉන්න රටක් මේක අපි කවද දියුණු වෙයිද?
වැස්සකටවත් රජයේ සරසවියකට යන්න බැරි කුහක මිනිසුන්ට සරසවි සිසුන් කෙරේ තියෙන්නෙ පුදුමාකාර තරහක්
අවස්තාවාදී දේශපාලනඥයින්ගේ පස්සේ යන, වහල් වැඩිහිටි පිරිසක් ඉන්න රටේ, ඒ දේශපාලනඥයින්ගේ අසාධාරණකම් වලට පුළුවන් තරමින් ප්‍රතිරෝධයක් දක්වන්නේ ඔය ශිෂ්‍ය ව්‍යාපාර විතරයි. එහෙමෙ නැත්නම් හඬක් නගන්න මිනිහෙක් මේ රටේ නෑ. ඕන හොර වැඩක් මගොඩියක් කරලා ගාලුමුවදොර පිරෙන්න සෙනග ගෙන්නන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය මෝඩ ඡන්ද දායකයෝ නිසා. පොලිසිය ඒ දරුවන්ට සැලකුවේ හතුරන්ට වගේ. එහෙම පහර දෙන්න පොලිසියට අයිතියක් නෑ. පොලිසියේ වැඩි දෙනෙක් අපා දුක් විදින අය. එත් ඒ අය දන්නේ නෑ ඒ අයට දුක් විදින්න වෙලා තියෙන්නේ අර පාලකයෝ හින්ද කියලා. ඒකයි දැක්ක තැන සැලුට් ගහන්නේ. එකෙන් ගොඩ එන්න තමයි මේ දරුවෝ අරගල කරන්නේ කියලා පොලිසියේ මහත්තුරු දන්නේ නෑ.
අපිට පාරක තොටක යන්න බැහැ ගහල එලවන්නේ නැතුව කුමක් කරන්නද? ඉස්සර සයිටම් එපා කියලා විරෝධතාවයක් කළා. දැන් විරුද්ධ වෙන්නේ මොකටද කියලා අපි තියා උද්ඝෝෂණ පවත්වන මිනිස්සුන් වත් දන්නේ නැහැ. අන්තරෙන් දෙන බෝර්ඩ් ටික අල්ලගෙන පාරේ රස්තියාදු වෙන ගමන් අපේ ගමනාගමනයට භාද කරනවා...
නොමිලේ දෙන දේ පාවිච්චි කරලා කිසිම කරදරයක් නැතුව පාසලේ ඉගෙන ගන්න අයට ඇයි නොමිලේ දෙන විශ්විද්‍යාලවලින් කරදරයක් නැතුව ඉගෙන ගන්න බැරි. මේවට හේතුව අනවශ්‍ය ඡන්ද පදනමක් වත් නැති දේශපාලන කල්ලි. මේ වගේ ඒවා කොහොමත් දැඩි ලෙස මර්ධනය කරන්න ඕනෑ. නැත්තම් මේවායෙන් වෙන්නේ ආර්ථිකයට ලොකු හානියක්. තියෙන පහසුකම් මදි අයට තියෙන්නේ අයින්වෙලා ඔය හොයන පහසුකම් තියෙන තැනකින් ඉගෙන ගන්න...
ශාරීරික පෝෂණයට සාපේක්ෂව, මනස නිසි ලෙස පෝෂණය නොවූ, මානසික මන්දපෝෂණයෙන් පෙලෙන සමහරක් ගේ මතය අනුව, ලංකාවේ උසස්[පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණු සිසුන්ට ඉරිසියා කරන පිරිසක් ලංකාවේ සිටිනවා. එවන් මානසික මන්දපෝෂණ රෝගීන් ලංකාවේ ඔය කියන කීපදෙනෙක් හැරුණුවිට, ලෝකයේ කිසිම රටක එවැනි රෝගීන් පිළිබඳ වාර්තා වන්නේ නැහැ. තවමත් උපාධිය පවා ලබා නොගෙන සිටින මේ සිසු ළදරුවන්ට ඉරිසියා කිරීම ගැන සිතීම පවා, එක්තරා විහිළුවක් වගේම මෝඩ කමක්? ඒ කෙසේ වෙතත්, ඒ පුංචි ළදරු සිසුවිරුවන්ගේ මහා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිට, රජයේ ජාතික පාසලකට පළමුවෙනි පන්තියට කිසිඳු ගෙවීමකින් තොරව ළමයෙකු ඇතුලත් කර ගැනීම, ටියුෂන් මාෆියාව තුරන් කිරීම, ජාත්‍යන්තර පාසල්, උසස් අධ්‍යාපනය සඳහා සිසුන් පිටරට පැටවීමේ ජාවාරම, ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාව හරහා චැනල් කළුකඩ, පෞද්ගලික රෝහල් මාෆියාව, ඇතුළු තව බොහෝ සිහින, ඔවුන්ගේ සිහින ලෝකය තුළම තවමත් සිරවී, සුව නින්දේම පවතින බව අපට නම්, රහසක් නොවේ.
රජයේ සරසවියට වැස්සට ගොඩවෙලා මඩ නාගන්නේ මොකටද චතුරි? හොඳ වෘත්තීය අධ්‍යාපනයක් ලබා අත්‍යවශ්‍ය රැකියා කුසලතා සමග හොඳ රැකියාවක් කරන්න අවස්ථාවන් තිබෙද්දී...
ලංකාවේ ශිෂ්‍ය අරගල සම්බන්ධව දරන ආකල්ප පිළිබඳව යමක් ලිවීම වටි කියා සිතමි. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව සහ අනෙකුත් කාරණා සම්බන්ධව මාධ්‍ය දක්වන්නේ පක්ෂපාති ස්වරූපයක්... ඉස්සර සිටි ජනතාවාදී මාධ්‍ය ශ්‍රේෂ්ටයෝ දැන් නැහැ. දැන් වෙන්නේ සියලු ශිෂ්‍ය අරගල සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් ලෙසයි. මමද විශ්වවිද්‍යාල හදාරන කාලය තුළ චන්ද්‍රිකා ආණ්ඩුව විසින් ගෙන ආ පුද්ගලීකරණ පනත හකුලා ගැනීම වෙනුවෙන් මේ සටන්වල සිටියෙමි. එසේ නොවුනානම් අදවන විට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සොයා ගැනීමටත් අසීරුයි. නමුත්, මාධ්‍ය හිතාමතාම අමතක කරන සහ නොලියන දේ තමයි. ශිෂ්‍ය අරගලවලට හේතුව.... මා දකින ලෙසට ලංකාවේ සමාජවිද්‍යා සහ කලා පීඨ වල දැවැන්ත මුදල් කප්පාදුවක් සහ ශිෂ්‍ය කප්පාදුවක් වෙනවා. මන්ද, පවතින ආර්ථික රාමුව තුළ සමාජ විද්‍යාවට, කලාවට වෘත්තිමය, ආර්ථික වටිනාකමක් නොදකින නිසා. නමුත් විශ්ව විද්‍යාලයකින් බිහිවන්නේ වෘත්තියවේදියෙක් නොවේ විද්‍යාර්ථකයෙක්. නමුත් 99% සමාජය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා මෙය සිතන්නේ නැහැ. විද්‍යාර්ථකයෙකුට ඕනෑම අංශයක සේවයකළ හැකියි. උදාහරණයක් ලෙස මාගේ පළමු උපාධිය කෘෂිකර්මයයි. නමුත් මාගේ ආචාර්ය උපාධිය නම් කෘත්‍රිම බුද්ධිය ගැනයි.
මා සිතන්නේ මෙවැන්නන් පලවා හැරීමට බැටන් පොලු, කඳුළු ගෑස් වලට අමතරව, රබර් බුලට්ද පොලිසියට බාවිතා කිරීමට අවසර දිය යුතු බවයි.
කෘෂිකර්ම විෂයට විශේෂ හපන්කමක් දක්වපු, Dr.A. Wickramage පසුව කෘත්‍රිම බුද්ධිය හැදෑරීම ගැන මට නම් පුදුමයක් නැහැ. එකා පසුපස තවකෙකු ගමන් කර සාම්ප්‍රදායානුකුලව නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න වලිකන ඔබතුමා වැනි බොහෝ අයට, වෙල් ඉපනැල්ලේ නොමිලේම ලබාගත හැකි මඩ සහිත ශරීරයට අවශ්‍ය ජලය, ජනතාවගේ මුදල් වැයකර පොලිසිය මගින් සපයාදීමට සිදුවීම ගැනයි අපට කනගාටු. යහපත්නි ආකල්ප ප්‍රගුණකර ගනිමින්, නිසි අධ්‍යාපනයක් ලබා, ඒ තුලින් රටට සේවයක් කර නිදහස් අධ්‍යාපනය හෝ රටට අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු වලට දායකත්වය ලබාදී, රට ගොඩ නගනවා වෙනුවට, මහපාරේ රිලා නැටුම් නටලා ජනතාව පීඩාවට පත් කරලා, පොලිසියෙන් ගුටිකාලා, රට ගොඩනගන තියරියක් ගැනද මහා ආචාර්ය තුමා මේ කතා කරන්නේ?
Dr.A. Wickramage ,ඩොක්ටර් පඬිතුමා, හීනියට මොළේ තිබෙන පරණ කුණු ගොඩ සේදිලා යන්නත් එක්ක, අලුතෙන් නවීන පන්නයේ කෘතීම බුද්ධියට, මොළය හා සම්බන්ධ, කෘතීම වස්තියක් එතැණට, කර ගත්තොත් නරකද?