IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නකල්ස් රක්ෂිත මාර්ගයේ වාහන තදබදයක්

( ඉන්දික අරුණ කුමාර)
 
ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි  ‘රිවස්ටන් ‘ නැරඹිම සඳහා පැමිණෙන  සංචාරකයින්  වැඩි වීම හේතුවෙන් එම ගමන්  මාර්ගයේ අද (23) උදෑසන  දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.


 අද  (23)   උදෑසන සිට පවතින මෙම  දැඩි රථාහන තදබදය හේතුවෙන්  සංචාරකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.


මාතලේ සිට රත්තොට හරහා  රිවස්ටන් සඳහා පිවිසෙන මාර්ගයේ  කිලෝ මීටර් 7 ක් පමණ දුරට මාර්ග තදබදය පැය දෙකකට ආසන්න කාලයක්  පැවතියේය.


රිවස්ටන් ප‍්‍රදේශය භාර රත්තොට  පොලිසීයේ රථවාහන පොලිසියේ නිළධාරීන්ද අවස්ථා ගනණාවක දී රථ වාහන තදබදය අවම කිරීම සදහා දැඩි උත්සාහයක් ගත් බවත්,මෙම මාර්ගය ඉතා පටු  මාර්ගයටක් බැවින්  මාර්ගයේ දෙපැත්තෙන්ම වාහන ගමන් කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන  තිබු බවත් පොලීසිය සඳහන් කළේය.


නිවාඩුව ගත කිරීම සඳහා  දහස් ගණනක් වාහන රත්තොට මාර්ගය ඔස්සේ රිවස්ටන් නැරඹිම සඳහා එකවිට පැමීණිම හා ආපසු යෑම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බව රථවාහන පොලිසිය කියා සිටියේය.



අදහස් (1)

නකල්ස් රක්ෂිත මාර්ගයේ වාහන තදබදයක්

ඇත්ත සත්‍යපාල Sunday, 23 December 2018 07:57 AM

මේ දිනවල ධාරානිපාත වැහි වහිනවා. කොයි මොහොතේ නායයාමක් වෙයිද දන්නේ නෑ. දරුණු කදු, බෑවුම් සහ වංගු සහිත ඉතා පටු පාරවල්. වාහන දෙකකට මාරුවෙන්න අමාරුයි. එහෙම වුනත් කිසිදු සොයා බැලීමක් නැතුව දරු පවුල් ඇදගෙන විශාල බස් වලින් සිරි නරඹන්න එනවා. ලංකාවේ මිනිස්සුන්ට ඔලුවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද කියල හිතෙනවා. නිතරම අනතුරු වෙලා පවුල් පිටින් මිය යන්නේ මේ නිසා.මේ නකල්ස් කදු බලන්න එන කාලයක් නොවෙයි.

:       2       180

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site