IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘බොහෝ පිරිසක් කෑම බලලා වතුර බීල යනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

රටපුරා හෝටල් සහ ආපනශාලාවලින් සියයට අසූවක් පමණ ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය හේතුවෙන් මේවනවිට වැසීගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

එසේම රජයේ සහ පෞද්ගලික ආයතනවල පවත්වාගෙන ගිය ආපනශාලාවලින් සියයට 50ක්ද ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වැසී ගොස් ඇතැයි සඳහන් කළ සභාපතිවරයා ඉන්ධන ප්‍රශ්නය දිගටම පැවතිය හොත් රටපුරා සියලුම හෝටල් සහ ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ කළේය.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා ජනතාව හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 50කින් පමණ අඩු වී ඇති බවත් හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ජනතාව අද දවසේ වැඩිවී ඇති බවත් සම්පත් මහතා පැවසුවේය.

හෝටල් සහ ආපනශාලා සඳහා භාණ්ඩ සැපයුම් කටයුතු ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයිද ඔහු සඳහන් කළේය.

පවතින තත්වය යටතේ හෝටල් සේවකයන් රැසක් ඒ රැකියා අතහැර කුලී වැඩ සඳහා ගොස් ඇති බවත් හෝටල් සහ ආපනශාලා සඳහා සේවකයන් සොයාගැනීමද මේනිසා දුෂ්කරවී ඇති බවත් සභාපතිවරයා කීවේය.

 



අදහස් (3)

‘‘බොහෝ පිරිසක් කෑම බලලා වතුර බීල යනවා‘‘

යෝගා Friday, 01 July 2022 02:34 PM

ගිනි ගනන් දීලා කඩවල් වලින් ජරාව කනවට වඩා හොඳයි ගෙදරින් මොනවා හරි ඔතාගෙන ඇවිත් කනවා.

:       0       0

Bamunuarachchi Friday, 01 July 2022 06:53 PM

දැන් මිනිස්සු දන්නවා හෝටල් කාරයින් ළඟ තිබෙන්නේ, පිළුණු කෑම කියලා. නරියා මිදි එපා කිව්වෙත් ඒකයි.

:       1       0

Bamunuarachchi Friday, 01 July 2022 06:55 PM

අධික ලාබ ගන්න ගියාම ඔහොම වෙනවා...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site