රෝෂන් තුෂාර
රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු ගිණුම් 16 පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනා ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් අද පස්වරුවේ කටයුතු කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණිය යන සැකකරුවන් මෙසේ ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාර ගතවිය.
අල්ලස් කොමිෂන් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සැකකරුවෙකුට රුපියල් 50000 දාස බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කෙරිණි.
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කොට තිබිණි.
ඡායා - ඉසුරු පෙරේරා
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ රඹුක්වැල්ල යුවළ දියණිය බන්ධනාගාරයට
කුකුල් චමින්ද Wednesday, 18 June 2025 05:50 PM
බන්ධනාගාරයේ ඉන්න සහෝදර, සහෝදරියන් ඔක්කෝම, මේ ගෞරවාන්විත ප්‍රභූ පවුල, මාව බලාගත්තාටත් වැඩිය හොඳට බලාගන්න ඕනෑ... ඕගොල්ලොන්ට දැන් වැඩ කෝටියයි, ඉදිරියට වැඩ ප්‍රකෝටියයි !!!
Nimal 1 Wednesday, 18 June 2025 05:57 PM
අනේ සාදු. එහෙ ඉඳන් පීසා කන්න. චිත්‍රපටි බලන්න...
m. saman perera Wednesday, 18 June 2025 06:05 PM
ඇත්ත මොකක්ද... ඇප මත නිදහස් කළාද? බන්ධනාගාරයට ගියාද?
මංජුල Wednesday, 18 June 2025 06:27 PM
මිලියන 5 සරීර ඇප? දන්නා කෙනෙක් පැහැදිලි කරනවාද?