(සුජිත් හේවාජුලිගේ)
එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඔමික්‍රොන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය.
නව ප්‍රභේදය මුල් වරට හඳුනා ගනු ලැබුවේ මේ වසරේ ජනවාරි මාසයේදීය.
එදින සිට මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනා ගැනුණු බවද චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මේ තත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අලුත් ’’කොවිඩ්’’ රැල්ලක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න
Hela danuma Sunday, 01 June 2025 07:49 AM
දේශීය වෙදකමට ඉඩ දෙන්න. වයිරස රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර එහි පවතින නිසා. ඒවගේම, හෙළ ආහාර රටාවට නැඹුරුවී ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගන්න...
Dewa Sunday, 01 June 2025 10:24 AM
මෙහෙම... මෙයාලා අපේ අය අහන්නේ නැත...