IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මුහුදු සිංහයකු වෙරළට ගසා එයි

(තරංග ගුණරත්න)

මුහුදු සිංහයකු බවට සැලකෙන මුහුදු සත්වයකු අද (23) පස්වරුවේදි වැලිගම මිදිගම 87 කණුව පෙදෙසේ වෙරළ තීරයට ගොඩගසාගෙන ඇවිත් තිබූ බව වැලිගම පොලිසිය පවසයි.

අද පස්වරු 01: 00 පමණ  මෙම සත්වයා වෙරළට ගොඩගසාගෙන තිබු බව ප්‍රදේශවාසීන් පවසන අතර, එය දැකබලා ගැනිමට ජනතාව පැමිණීමෙන් පසු ගල්පරයක් මතට නැවත ගසාගෙන ගොස් තිබිණි. එ් පිළිබඳව  ජනතාව විසින් පොලිසිය සහ මිරිස්ස වනජීවි කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි.

මෙම  සත්වයාගේ  ශරිරයේ  කිහිප තැනක තුවාල තිබූ හෙයින් වහාම ප්‍රතිකාර කිරීම සඳහා මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රධාන නිලධාරි රවීන්ද්‍ර කුමාර මහතා කියාසිටියේ මෙම සත්වයා විදේශ රටක සිට දිය වැලකට මිදිගම පෙදෙසට ගසාගෙන ඇවිත් බවට විශ්වාස කරන බවත්, ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ අවසරය මත පැය ගණනාවකට පසු නාවික හමුදාව සහ වනජීවී නිලධාරීන් හා මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව ගොඩබිමට ගෙනඒමට උත්සාහ ගත්තද එම සත්වයා මෙල්ල කිරීමට තිබූ අපහසුතාවය සමඟ සතා ගැඹුරු මුහුදට ගසාගෙන ගිය අතර එ් සමග ප්‍රතිකාර කිරීමේ කටයුතු ව්‍යර්ථ විය. 



අදහස් (18)

මුහුදු සිංහයකු වෙරළට ගසා එයි

sirimal Saturday, 23 November 2019 02:58 PM

පුදුම වෙන්න දෙයක් නෑ. මේක ඉතින් සිංහයෝ රජ වුණු කාලයක්නේ....

:       133       12

පිටිගල මිලානෝ Saturday, 23 November 2019 03:10 PM

වෙරළේ ගල්පර මතුපිටට පැමිණි මුහුඳු සිංහයෙක්ව වත් අල්ලගන්න බැරි නාවික හමුදාවක්ද අපිට ඉන්නේ? කණගාටුයි...!!!

:       165       16

SAMPATH WEERASINHESunday, 24 November 2019 07:00 AM

ඒක ඇත්ත. නැත්නම් ඉතාලියට බෝට්ටුවෙන් පැනලා යන්න හම්බුවෙන්නෙ නෑ.

:       37       77

GuneSunday, 24 November 2019 07:20 AM

ඔය සිතිවිල්ලම මටත් ඇතිවුනා පිටිගල. ෆොන්සේකා කිව්වේ ඇත්තක්ද යුද ගෞරවයෙන් 95% ක් ම පාබල හමුදාවට අයිතියි කියල ? හරිම කණගාටුදායක තත්වයක්.

:       80       177

mohanSunday, 24 November 2019 09:11 AM

ගොන් කතා කියන්න එපා. නාවික හමුදාව ඉන්නේ මුහුදු සිංහයෝ අල්ලන්නද?

:       20       130

GuneSunday, 24 November 2019 12:05 PM

නාවික හමුදාවේ සේවය යුද්ධ කිරීමයි කියලා ඔබ ඔවුන්ට විශාල අපහාසයක් කරන්නේ. නාවික හමුදාව මිනිසුන්ගේ විතරක් නෙමෙයි, අවස්ථාවක් මතුවුණෙත් ඕනෑම මිනිසෙකුගේ, සත්වයෙකුගේ ජීවිතයක් නැත්නම් අනතුරකට පත්වෙන්න යන වස්තුවක් බේරාගන්නවා. මෙතෙනදී අපි කණගාටු වෙන්නේ මේ මුහුදු සත්වයා බේරගන්න නාවික හමුදාව අසමත් වීම ගැනයි.

:       0       14

kapSunday, 24 November 2019 09:22 AM

නාවික හමුදාව ඉන්නේ මුහුදේ ඉන්න සත්තු අල්ලන්න නෙමේ පිටිගල මචෝ. මේවට වෙනම යුනිට් තියෙන්න ඕනේ වනජීවි එක යටතේ. අනික අපේ වගේ රටක , ජීවිතාරක්ෂක කණ්ඩායම් නෑ මුහුදේ නාන මිනිස්සු බේරා ගන්න. ඔයා මේ මුහුදු සිංහයන්ව බේරා ගන්න නාවික හමුදාවට බැරිද අහනවා. පිස්සු. අනික මුහුදු සිංහයා කියන්නේ ඇවිස්සුනාම ඉතා දරුණු සතෙක්.

:       31       94

rushan Monday, 25 November 2019 11:21 PM

කොටි බෝම්බ ගහලා රට සුනුවිසුනු කරද්දී මිලානෝ වල හැංගිලා හිටපු පිටිගල ද අහන්නේ නාවික හමුදාවට මුහුදු සිංහයෙක් අල්ලගන්න බැරිද කියලා?

:       0       8

dilhara Saturday, 23 November 2019 11:57 PM

ලංකාව ලගින් යන තුවාල උන සත්තුන්ටත් නොමිලේ ප්‍රතිකාර කරනවා අහන්නත් සතුටුයි. සමහර රටවල දුප්පත් මිනිස්සුන්ටත් බෙහෙත් ගන්න බෑ සල්ලි නැතුව.

:       0       22

kap Sunday, 24 November 2019 06:53 AM

දැන් සමහරු කියයි සිංහයෙක් රජ උන නිසා, මුහුදේ ඉන්න සිංහයොත් හොයාගෙන එනවා කියලා. අර ලඟදි නා රජෙක් මතු උනේ .

:       0       110

සෙනෙවිරත්න Sunday, 24 November 2019 07:15 AM

එම සිංහයා තුවාලවී සිටීම ගැන අදහසක් නැද්ද ?

:       52       120

සෙනෙවිරත්න Sunday, 24 November 2019 07:19 AM

ලඟදීම කැළනියේ ගං පතුලේ සිට නාගලෝකයට මාර්ගයක් තැනීමට අදහස් කර ඇති බව දැනගන්නට ලැබුනි . එම ව්‍යාපෘතියේ වැඩට බත් කන හරකුන් පමණක් බදවා ගනු ලබන බවද දක්වා ඇත.

:       7       130

raviSunday, 24 November 2019 01:29 PM

එහෙනම් ඔබට එහෙ යන්න අවස්ථාවක් ලැබෙන්න ඇති. ඒ ගැන අපේ සතුට. නාගලෝකයේ රස්සාව මොකක්ද...?

:       101       25

samiraSunday, 24 November 2019 01:30 PM

සිංහයින්ට නින්දා කරන්න එපා. ඔයා කියන ඔය සිංහයා ... පළමු ණය වාරිකය ගෙවාගන්න බැරිව බලු සිංහයෙක් වෙනවා.

:       9       2

nalaka Sunday, 24 November 2019 10:43 AM

නිර්වින්දනය කරන ඉන්ජෙක්ෂන් එකක් තුවක්කුවකින් මේ සතාට ගැහුවා නම් ගෙනියලා ප්‍රතිකාර කරලා යවන්න තිබුනා නේද?

:       0       4

Jt Sunday, 24 November 2019 02:57 PM

මුහුදු සිංහයා නෙමෙයි නේද? ඔය සීල් මත්සයා...

:       0       3

sharm warn Monday, 25 November 2019 05:10 AM

අඩුගානේ මේ වගේ සරල සිදුවීමකදීවත් දේශපාලනය ගාව ගන්නේ නැතුව කතා කරන්න බැරිද අපිට? මෙතන වගකීම තියෙන්නේ නාවික හමුදාවට නෙමේ... පශු වෛද්‍යවරුන්ට... අර නුවර පෙරහරේ අලි ගැන අඬා වැටෙන පරිසරවේදීන්ට මේ සතාව නොපෙනුන එක තමයි අරුමේ .. මේ සතාගෙන් ඩොලර් උනන්නේ නැති නිසා වෙන්න ඇති.. මම දන්නා හැටියට මේ සතා ආයෙමත් මුහුදට ගිහින්... එයාව තුවාල වෙලා තියෙන්නේ ගල්පර වල වැදිලා..

:       0       16

ධනුෂ් Tuesday, 26 November 2019 03:27 AM

අයිස් කුට්ටි වලින් වටකරලා තිබ්බ නම් ඒ සීමාවට වෙලා ඉන්නකොට අල්ලගන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 855 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site