(චාපා මධුභාෂිණි)
හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටියදි විදුලි සැරවැදීමෙන් මියගිය මව සහ පුතා වෙඩි තබා තියුණු ආයුදයකින් පහරදි ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව හබරණ පොලිසිය කියයි.
මවට වෙඩි තබා 13 හැවිරිදි දරුවාට තියුණු ආයුදයකින් පහරදුන් බවට සැකකර තරුණයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඒ් සමග මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් 20 වැනි දා අලුයම මෙම මව සහ පුතා පැල් රකිමින් සිටියදි අලුයම දැඩි ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් අතර ඒය විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට සැක කළේය.
වෙඩි තැබීමකින් හා තියුණු ආයුධයකින් පහරදි මෙම මරණ සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීමත් සමග මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
විශිෂ්ඨ මරණ පරීක්ෂණයක්. එය පැවැත්වූ මරණ පරීක්ෂකතුමා ඒ අසරණ මිනිස්සු දෙන්නාගේ මරණයට හේතුව සොයා ගැනීම ඒ දෙපලට වෙච්ච අසාධාරණේට යුක්තියක් ගෙනාවා වගේම සමාජයේ සැඟවෙන්න ගිය දරුණු සංවිධානාත්මක අපරාධකාරයෙක් සොයාදීමට මඟ පාදා, තවත් මනුස්සයෙක්ට අත්වෙන්න ගිය මරණයකින් සමාජය බේර ගත්තා.
‘‘පෝරකය ඉවකළ මිනිස්සු‘‘... මේ පොත කියවලා බලන්නකෝ... ඔක්කොම විස්තර තියෙනවා ගොඩක් ලස්සනට... ලංකාවේ වෙච්ච සත්‍ය සිදුවීම් ....
ඔය අපරාධ කරුවන් අත් අඩංගුවට අරන් පසුව නිදහස් වෙනවා... වසර ගණනාවක් නඩු අසාවි.. පසුව නඩුව ඉදිරියට ගෙනියන්න සාක්ෂි නැහැ කියලා නිදහස් වෙනවා. ඔන්න ඕකයි තත්වේ. මානව හිමිකම් පෙරට එනවා... අපරාධකරුවන් නිදැල්ලේ ඉන්නවා...
මෙහෙමත් ජනපති සමාව ලැබෙනවා