



තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඉන්දියාවේ සාම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරය කරන අතර මෙම සංචාරය ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයයි.
(ඡායාරූප - ඒ.එෆ්.පී.)
055
COMMENTS
අපේ ජනපතිට එන්න කියලා ආරාධනා කරලා, පිළිගන්න නිලධාරීන් එවන එක හරි මදි වගේ. අපි නම් කුඩෙත් ඉහළනවා.
ගෝඨාභයව ඉන්දියාවේදී ඉහළ කොට සලකනු ලබනවා.
උපුල් ඔයා දන්නේ නැද්ද, රටකින් තව රටකට ගියාම කෙලින්ම අගමැති මැදුරට හෝ ජනාධිපති මැදුරට බහින්නේ නැති බව? ගුවන් තොටේ බැහැලා අදාළ තැනට යන්නේ... ඒකට පිළිගැනීමේ නිලධාරී පිරිසක් මිස අගමැති, මැති ඇමතිවරු එහෙ යන්නේ නැහැ.
ඉන්දියාවේදී රතු කාපට් දමා නැතිබවක් පෙනේ.
අපි කොහොමත් දෙකට තුනට නැමිලා කුඩේ අල්ලන්න හරිම දක්ෂයි. ඒ අපේ නිවටකම. ඡන්දෙන් පසු තවමත් කිරිබත් උයන මෝඩ රැලක් ඉන්න රටක්, ඉන්දියාව කියන්නේ උගතුන් පිරි නීතියට හිස නමන රටක්. ලෝකේ මොන නායකයා ආවත් ඒ ඇත්තෝ දන්නවා පිළිගන්න ආකාරය. ආචාර වෙඩිමුර දීලා පිලිගත්තනම් ඉන්දියාවට හිනහ වෙන්නේ ලෝකේ අනිත් රටවල්. අද ගෝඨාභයට චෝදනා තිබුනේ නැතිනම්, මහින්දට වැඩිය පිළිගැනීමක් තියෙනවා. අපිට මොන විදියේ පට්ටම් ලැබුනත් වැඩක් නැහැ, ලෝකය දන්නවා ඒවා ලබා ගත්තේ කොහොමද කියලා
ඉන්දියාවේ පිළිගැනීම ඉතා අඩුපාඩු සහිතයි
ඉන්දීය විදේශ ඇමති එන්න එපාය පිළිගන්න, ඇයි අපේ රනිල් මහත්තයාව එහෙමනේ පිළිගත්තේ
කොන්ද පණ ඇති නායකයාට ලෝකෙම ගරුකරනවා. කුහක බමුණන්ගෙන් පරිස්සම් වියයුතුයි.
මම හිතන්නේ ඉන්දියාව ගැලපෙන හොඳම සැලකිල්ල දීලා තියනවා. පොරගේ හැටි දන්නා නිසා සහ ජයග්‍රහණයට පසුබිම සාදා ගත්හැටි හොඳින් දන්නා නිසා.
තිරුපති යන එක පිළිගන්න දේවාලෙන් මිසක් මෙහෙමවත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආපු එකම මදැයි
දේශද්‍රෝහී පාරම්පරික යූඑන්පී දේශපාලනය මෙරටින් තුරන් කළ යුතුව ඇත.
අපේ සර්ට තියෙන පිළිගැනීම දැක්කම හරිම සතුටුයි, සිංහලයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා!
කෝ මෝදී?
මම නම් දැක්කේ ඕවා නොවේ මෙතුමාගේ අතේ අර නූල් , කරකවන බෝල, විවිද ආයිත්තම් නැහැ. මම හිතන්නේ මගුල් මුද්ද විතරක් ද කොහෙද තියනවා. මේ මගේ දැක්මට අනුව හොඳ දෙයක්.