
(ශාන්ත චන්ද්‍රසිරි)
කොත්මලේ, හෙල්බොඩ වතුයායේ එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි දිවියන් දෙදෙනෙකු අද (23) සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
මදුවලට හසුව සිටි මෙම දිවියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නා විටත් මිය ගොස් සිටි බවත්, අනෙක් දිවියා තුවාල ලබා ඇති බවත් ඔවුහු කියති.
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දඩයක්කරුවන් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම දිවියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
උඩරට වතුකරය ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද වු බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
පින්තූර - හෙල්බොඩ වතුයායේ මදුවට හසුව මිය ගොස් සිටි කොටියා
COMMENTS
මේක දැන් පුරුද්දක් වෙලා. මේ මදු අටවන නොමිනිසුන් හොයලා දඬුවම් ලබාදෙන්න ක්‍රමයක් තාම හැදුවෙ නැත්තේ ඇයි? ඔක්කොම කොටි මැරිලා යනකන් බලන් ඉන්නවද? මේ තත්වයට එරෙහිව සමාජ ජාලා රැල්ලක් හරි ක්‍රියාත්මක කලේ නැත්නම් වගකිව යුත්තන් පුරුදු පරිදි නිදාගෙන සිටීවි. හරිම දුකයි ලංකාවේ වනජීවි අංශය සමග දේශපාලනය ක්‍රියාත්මක වෙන හැටි දැක්කාම. මේ සතුන් ලංකාවේ නැතුව වෙන රටක ඉපදුණා නම් හොඳට රැකගන්න පුළුවන්...
අද දවසට ඇසුව අවාසනාවන්තම කඳුළු කතාව... රටේ මිනිස්සු උමතුවෙන් වගේ මොනවද මේ කරන්නේ..? මේ සතෙකුගේ වටිනාකම මේ කාලකන්නි මාරයින්. මනින්නේ ඒ අහිංසකයාගේ හමට, දත්වලට, හිසට ලැබෙන ලන්සුවක් විදිහටයි. රුපියල්, ශත වලින්... මේ මෝඩයින්ට හිතන්න බුද්ධියක් නැත්තේම නැතිද..? නැතිනම් දුප්පත්කම, දරිද්‍රතාවය හමුවේ "සිතීම" නැවතිලාද.? කියන්න දහසක් දේවල් තිබුණත් මේ අපරාධය ඇසූ පසු මගේ ගෙල දෙපස ලොකු තදවිමක් ඇතිවෙලා... පසුව හමුවෙමු. තව දෙයක්... රට පාලනය කරන ඉහළම ආයතනයේ සිටින සියලුම මෝඩයින් උමතුවී සිටින මේ රටේ සාමාන්‍ය මිනිසුන් උමතුවීම පුදුමයකුත් නොවෙයි නේද..?
කුමන ජාතික වනෝද්‍යානය ගැන ආටිකල් එක බලලා සතුටෙන් හටපු මට මේ පුවත දැකීමෙන් මගේ හදවතට දැනුණු වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. ඇයි පව්කාර මිනිසුනේ නුඹලාට කරන්න වෙන වැඩක් නැද්ද? පසුගිය දිනවල මේ වාගේ අතිශය සංවේදී සිදුවීම් වලට අප මෙහි මොනතරම් කමෙන්ට් කළාද? අපේ මේ මෝඩ මිනිසුන් කවදාකවත් හැදෙන මිනිසුන් නම් නොවෙයි. තවත් ලියන්න බැහැ ඉතිරි ටික විජිත් ඔයාට බාරයි...
අනේ !!! දෙවියනේ... මොනවද අපට මේ නිතර දෙවේලේ අසන්නට, දකින්නට ලැබෙන්නේ..? තවත් එක් පරිසර මිතුරෙකු නොඑන්නම අප හැරදා ගොසින්.. අනිත් කෙනා ජීවිතයත්, මරණයත් අතර සටනක... මෙහෙමත් නූගත් තිරිසන් මිනිස් වෙස්ගත් රකුසන් සිටින රටක්.. මේ වනජීවි ඒක සැමදාම කලේ අසුවුණු සතුන් සොයාගත් එක තමයි... එසේත් නැතිනම් කැකුලකට වෙඩිල්ලක් තියන්න. තුවක්කු දීලා තියෙන්නේ දමා ගහන්න නොවෙයි. අවශ්‍ය විටෙකදී පාවිච්චි කරන්න. මේ වනජීවි එක හිටියත් මේ සතුන් මරණ එකේ ඔවුන්ට පඩි ගෙවීමෙන් ඵලක් නැහැ නේද?.. මේ ප්‍රශ්නය බන්ධනාගාර ප්‍රශ්නය වගේ විසඳන්න වෙයි වගේ... බලධාරි පුටු වෙනස් කොට වනසතුන් රැකගැනීමට කාලය එළඹ ඇත. මෙසේ දිගට ගියහොත් රටේ සිටින අන්තිම සතාත් වතුකරයේ මස් වැද්දන් විසින් මරාදමන තෙක්ම වනජීවී අංශ දැඩි නින්දේය. ඔවුන් පැමිණෙන සතුන් මියගිය විටයි. එසේත් නැතහොත්, පුදුවල හිරවී මරණාසන්න මොහොතේදීය. අපූරු වනජීවී එකක් තමයි මේ රටේත්, සතුන්ගේත් වාසනාවට තියෙන්නේ... අම්මපා කියලා වැඩක් නෑ...
වනජීවී ඇමතිට ගෙදර යන්න කියන්න. දිවියා කියන්නේ අපේ රටේ ඉන්න වටිනාම සතා.., එහෙම සතෙක්වත් බේරගන්න කිසිම දෙයක් කරන්නේ නැතිව බකන් නිලාගෙන ජනතාවගේ බදු මුදල් නාස්තිකරන ඇමති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?
වයිරම් කොටි රජුගේ දිවියද උදුරගෙන... අනෙක් සතාගේ දිවි ගෙන මරණෙ දෙන... උගුල් මව මවා සිටිනා අමන දන... නිරයට යන්නේය නුෂඹ සැම නොමැත පින ...
මේවා කරන්නේ වතුකරයේ කට්ටියයි.. ඒක තේරෙන්නේ නැද්ද?