
(අජිත්ලාල් ශාන්ත උදය අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න)
ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් අනිද්දා (10) සිට ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (7) සවස ෆැක්සි මගින් ජනාධිපති කාර්යාලයට යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
සති කීපයක් විදෙස් ගතව සිට යළි දිවයිනට පැමිණි ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීම යොමු කර ඇති අතර ඊයේ සහ අද දිනවල ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතුවල නියැලී සිටියේය.
සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ දිවුරුම්දීමට බොහෝ විට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව ජනාධිපති ලේකම්කාර්යාලෙයේ උසස් නිලධාරියෙක් සනාථ කළේය.
2025 නොවැම්බර් මස 21
14
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
133
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ටිකිරි කොබ්බෑකඩුව 10 වැනි දා ඉල්ලා අස්වේ
Liyanage Thursday, 08 June 2023 01:59 PM
අවංක, කෙලින් වැඩ කරන අයට පොහොට්ටුවේ වැඩකට නැති පුද්ගලයන් එක්ක දිගටම වැඩ කරන්න බැහැ.
සල්ලි Thursday, 08 June 2023 07:11 PM
වයසක අප්පුහාමි කෙනෙක් වෙනුවට තවත් වයසක අප්පුහාමි කෙනෙක්. කීවේ නම් තාරුණ්‍යයට අවස්ථාව දෙනවා කියලා...
හින්නි අප්පු Friday, 09 June 2023 04:50 AM
ටිකිරි කොලුවා දැන් ලොකුයි නොවැ...