(ජයන්ත සමරකෝන්)
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දෙදෙනා හමුවීම සඳහා ඉඩකඩ ලබාදී ඇත්තේ පවුලේ සමීප ඥාතීන්ට පමණක් බව බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔවුන් දෙදෙනා මේ වනවිට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය බාරයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබද ස්ථානයක රඳවා සිටින බවද, ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා පිටස්තර පුද්ගලයන්ට ඔවුන් හමුවීම සීමා කර ඇතැයිද එම නිලධාරියා කීය.
COMMENTS
තනතුරු නිලතල වලින් නිතිය අපි නැමුවානේ..// එදේය කලෙත් ලොක්කන්ගේ හිතසුව පිනිසමනේ ..// දැන්නම් දැක්කේ නැහැ එක ලොක්කෙක්වත් පෙන්නේට..// දැක්ක සැවොම කෑමොර දෙනවා වේදිකාවේ යස අගේටම..//
අර එල්ලුම් ගහට නියමවෙලා ඉන්න කෙනෙකුට ලැබිල තියෙනවාය කියන බරපතල දඬුවම වගේ මේ දෙන්නටත් චීන හෝටලයකින් ආහාර සැපයීමත් කෙරෙයිද ?
සිරිමල් මේ දෙන්නා සැකකරුවන් මිස දඬුවම් විඳින්න නොවේ හිරබත් කන්නේ.
කෑම එළියෙන් ගේන තුරු තලතා මැතිණිය නිදිද?
අද අහවලාට වෙඩි තියන්න යනවා... ගහන්න යනවා. අහවල් තැන ගිනිතියනවා. අතෙන්ට බෝම්බ ගහනවා ආදී වශයෙන් විවිධ මාදිලියේ හොර ඇමතුම්..., ආරංචි ලිපි සහ පණිවිඩ අඩුගානේ සීයකට වැඩි ගණනක් දිනකට පොලිස් මූලස්ථානයට සහ අනිකුත් පොලිසිවලට ලැබෙන බව මා හිතවත් උසස් පොලිස් නිලධාරියෙක්ගෙන් මට දැනගන්නට ලැබුණි. මේ සියල්ල හොයන්නට ගියොත් පොලිසියට වෙන කරන්න කාරියක් නොවන තරම්ය. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට මෙවැනි දෑ ලැබෙන්නේ කලාතුරකිනි. එවැන්නක් මාධ්‍යය ඉදිරියේ සුළුකොට තැකීම එම ලේකම්වරයාගේ රාජකාරිය නොවේ. ඔහු මෙය වහාම පහළ සියලුම අංශ දැනුවත්කර නිසි පියවරගත යුතුය. එබැවින් පොලිස්පතිට මේ සම්බන්ධව දඬුවම් කිරීම පසෙකලා ලේකම්ට පාඩමක් දීමෙන් අනෙකුත් වගකීම් සහිත රජයේ නිලධාරීන් තම රාජකාරිය අවැසි තැන්වලදී නිසි පරිදි ඉටුකරනු ඇත...
මෙහි ප්‍රධාන සැකකරුවන් දේශපාලකයන් , නමුත් ඇඟිල්ල දිගු වුයේ නිලධාරීන්ට, අපි අනුකම්පා කල යුතුය