(මනෝප‍්‍රිය ගුණසේකර)
රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකෙදියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මරණීය දඬුවම අද (15) නියම කළේය.
මෙම අපරාධය ඇසින් දුටු කිසිවකුත් නොමැති බවත් පරිවේශණීය සාක්කි මත පමණක් පදනම් වන මෙම නඩුවේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් විත්තිකරුට මරණීය ද`ඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
වසර 5ක පමණ කාලයක් පුරා කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ මෙම සිද්ධියට අදාළව වසර 7 හමාරක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ පසුවු රත්නපුර කොටකෙතන මරණකාරිනියන්ගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාටය.
2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂිකා සිල්වා මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටකෙතන මව- දියණිය ඝාතන නඩුවේ වරදකරුට මරණ දඬුවම
Raveendra Tuesday, 15 October 2019 10:16 AM
මහපොළොව නුහුලන මෙවන් අපරාධ කල මිනිස් ආත්ම ලබපු තිරිසනුන්ට නිසි දඩුවම් ලබාදීම පිලිබදව අප ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන්නෙමු.
Ro Tuesday, 15 October 2019 10:17 AM
අපේ රටේ නීතිය හොදයි ඒත් ප්‍රමාදයි, මේ මිනිහ මෝහනය කලා නම් එදාම දැනගන්න තිබුනා මෙච්චර කල් යන්නේ නැතිව. අපරාද අඩු කරන්නනම් අලුත් දේවල් යල් පැන ගිය නීතියට එකතු කරන්න ඕන .
kumarage Tuesday, 15 October 2019 10:35 AM
ලක්මාලි මැතිනියට ගොඩාක් පින්.. සතුටු වෙන්න පුළුවන් නීතිය තාමත් ඉෂ්ට වෙනවා ලංකාවේ..
Sudubanda Tuesday, 15 October 2019 11:00 AM
පව්කාරයෙක්.