IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි

කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්අවන්හල්කොණ්ඩා සකසන ස්ථානබාබර් සාප්පුසහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.
 
ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.

බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර යනාදිය ජූනි මස 1 වැනිදා විවෘත කිරීමට ඉතාලි රජය මීට පෙර තීරණය කර තිබිණි.
 
ඉතාලි ආණ්ඩුව මෙම තීරණය ගත්තේ සඳුඳා (11) රාත්‍රියේදී ය. ව්‍යාපාර කටයුතු යනාදිය නැවත ආරම්භ කිරීමට අදාළ සැලැසුම් සකස් කිරීමේ බලය තමන්ට දෙන්නැයි ප්‍රාදේශීය නායකයන්ගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් මුලින් ගත් තීරණය වෙනස් කිරීමට ආණ්ඩුව සිදුවිය.
 
කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද ඉතාලි ආණ්ඩුව සඳහන් කළේය.

ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.
 
අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.

ඉතාලියෙන් සඳුඳා දිනයේදී කොරෝනා ආසාදිතයන් 744 දෙනකු හඳුනාගෙන තිබිණි. මාර්තු මස 4 වැනිදාට පසු එරටින් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම ආසාදිතයන්ගේ ගණන එය විය. 

එදින එරටින් වාර්තා වූ මරණ ගණන 179ක් විය. ඉතාලියෙන් අද (12) පස්වරු 4.50 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 219,814ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 30,739ක් ලෙස දැක්විණි.
 
 ගාඩියන් 
 
055



අදහස් (1)

ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි

Swarna Tuesday, 12 May 2020 03:13 PM

චීනයෙන් තමයි කොරෝනා වෛරසය මූලු ලෝකයටම පැතිරෙව්වේ... නමුත් ඊට පසුව ලංකාවේ වෛද්‍යවරු කිව්වේ එය මේඩ් ඉන් ඉතාලි කියායි. ඉතාලියට වැඩිය වෙනත් රටවල බොහෝ සෙයින් මිනිසුන් මරණයට පත් වුණත් ඒ ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්නේ නැහැ. ඉතාලියෙන් මීට ප්‍රථම කට්ටියක් ඇවිත් එයාර් පෝට් එකේ නටපු පිස්සුව වීඩියෝ ගත කර ඒවා ලස්සනට පෙන්නුවා. දැන් දවස් පහකට ප්‍රථම එංගලන්තයෙන් ආපු අය එයාර් පෝට් එකේ නටපු පිස්සුව මාධ්‍යයෙන් කිව්වා විතරයි. වීඩියෝ පෙන්නුවේ නැහැ. ඉතාලියේ ලංකාවේ අය කරන රැකියා තමයි එංගලන්තයේ ලංකාවේ අයත් කරන්නේ... වෙනත් රටවල වෙන දේවල්වලට වඩා හැම කෙනාම නිතරම බලාගෙන ඉන්නේ ඉතාලිය දිහා විතරයි.. ඉතාලිය ගැනම විතරක් නිතරම සොයන එක පැත්තකට තියලා වෙනත් රටවල දේවලුත් පල කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site