(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද අළුයම මුහුදට ඇද වැටී මිය ගොස් ඇතැයි වරාය පොලීසිය කියයි.
මුහුදට ඇද වැටුණු ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් වහා ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ ලිතුවේනියානු ජාතික 62 හැවිරිදි ප්‍රධාන ඉංජිනේරුවරයෙකි.
අයහපත් කාලගුණික තත්වය නිසා මෙම නෞකාව පසුගිය 29 වැනිදා සිට ගාල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබිණි යැයි පොලිසිය කියයි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉහල මහලට නැග කිසියම් කටයුත්තක නිරතව සිටියදී මුහුදට ඇද වැටී තිබෙන බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 04
31
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට
Waleboda Thursday, 01 June 2023 05:14 PM
නැවක වැඩ කරනවා නම් පීනන්න දැනගන්න ඕනේ...