IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


තරුණියක දූෂණය කළැයි රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයකු බවද හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි කරගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

22 හැවිරිදි තරුණිය අමාත්‍ය වරයාගේ නිල නිවසේ සේවය කරමින් සිටියදී සැකකරු විසින් දෙවරක් ම ඇය දූෂණයට ලක්කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම 22 දෙහැවිරිදි තරුණිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්. 2015 වසරේ සිට 2019 වසර දක්වා ඇය මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඇත.

මෙම කානතාවන් දෙදෙනා ද මෙම නිවසට සපයා ඇත්තේ ඉහත තැරැව්කරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (8)

තරුණියක දූෂණය කළැයි රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට

මුණසිංහ Friday, 23 July 2021 08:13 AM

මේ සිද්ධි වලින් පේනවා රිෂාඩ් විතරක් නෙවෙයි මුළු පරම්පරාවම වැරදි වැඩ කරන පිරිසක් බවට... එයා අනාථ ලේබලයෙන් පුත්තලමට ආ දිනයේ සිට අද දක්වා මේ වත්කම් රැස් කලේ කොහොමද කියලා සොයන්න. මේ වගේ බිලියනපතියෙක් වුනේ කොහොමද? එයාගේ සියළු පැටිකිරිය එතැනින් එළි කරගන්න පුළුවන්... එයාට හැම පැත්තකින්ම දෙන දේශපාලන රැකවරණය ඉවත් විය යුතුයි. එමෙන්ම එයාට රැකවරණය දෙන දේශපාලකයින්ගේ තොරතුරුත් ප්‍රසිද්ධ කරන්න ඕනෑ...

:       0       31

සිරිබිරිස් Friday, 23 July 2021 08:44 AM

එයාගේ දුරකථන අංකය හොයලා දෙන්න බැරිද?

:       0       0

Sunil Friday, 23 July 2021 09:56 AM

හොඳ හොඳ සෙල්ලම් දැන් හෙළිවේ... රජයක නිරුවත දැන් හෙළිවේ...

:       0       0

Ruhunu Friday, 23 July 2021 11:26 AM

වතුරට බහිනකොට යොත දෙන්නේ මස්සිනාටයි කියනවලුනේ.... වැඩේ කරේ කවුරුවත්... ඉදිරිපත් වුනේ කවුරුවත්...

:       0       0

sathyapala Friday, 23 July 2021 12:34 PM

රිෂාර්ඩ් බදුර්දීන් පවුල බේරාගැනීම සඳහා පක්ෂ, විපක්‍ෂ සැම කළහැකි සියලුම දේ කරනු ඇති. ඇස් දෙක බැඳගෙන හොරට කිරන අම්මණ්ඩිගේ කළු කබා කට්ටිය උදවිය පොතේ තියන ගැලවෙන උපක්‍රම සියල්ල කාකි කෝට් ලොක්කන්ට ලබා දී ඇත. අපි උඩ පැනිමින් නැටුවට වෙන්න ඕනේ දේ වෙලාවට වෙයි. ගිනිගත් නැව වරාය සමග කළ සියලු සංවාද මැකී ගියා වගේ වෙයි. අපි ඉස්සර හිතුවේ වෙසක් සඳ පායන්නේ අපිට පන්සල් යන්න කියලා. නිදහස් දිනය තියෙන්නේ නිදහස සමරන්න කියලා. ඒක බොරු.. ඔය දෙකම තියෙන්නේ අපි සමරන අතරේ ඔවුන්ගේ අය එළියට දාන්න. ඕකට පක්ෂ බේදයක් නෑ. ජාති බේදයක් ආගම් බේදයක් නෑ..

:       0       130

nalin Friday, 23 July 2021 12:56 PM

මොහු වැරදිකරු වෙලා හිරේ ගිහිල්ලා සමාව අරගෙන නිදහස් වෙලා ඇවිල්ලා සංස්ථාවක සභාපති කමකුත් හම්බවේවි නේද...?

:       0       314

ganegoda Friday, 23 July 2021 01:58 PM

වැඩිහරියක් මුස්ලිම් ආගමිකයෝ මානසික රෝගීන්... ඒ නිසා තමයි ත්‍රස්තවාදීන් බවට පත්වෙන්නේ.

:       10       313

Chandana Friday, 23 July 2021 04:20 PM

රිෂාඩ්ට ගැලවීමක් නැහැ කියලා අපි හිතන්නේ. රිෂාර්ඩ් මහින්දගේ සෙවනේ හැදුණු කෙනෙක් ඉදිරියේදී එයාව ඕනවෙනවා. දත්ත 4 එයට සහාය දෙනවනේ. මේවා සලකලා දෙන්න ගේමක් ගහනවා. අපි බලාගෙන ඉන්නවා ගොන්නු වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site