(අජන්ත කුමාර අගලකඩ)
කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගා කරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන්නේ යයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පසුගිය කාලයේ උද්ඝෝෂණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීහු මෙවර කන්න රැස්වීම වර්ජනය කළහ.
මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීම ද නොකරන්නැයි ඔවුහු පසුගිය දින කිහිපයේ විරෝධතා ව්‍යාපාර පවත්වමින් කියා සිටියහ.
මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර දුන්නේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රසායනික පොහොර ගැටළුව පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිට කියති
බයිසන් Monday, 11 October 2021 05:51 AM
ගම සමඟ පිලිසඳරක් කියලා ගස් ගල් උඩ නලුවො දාල මහජන මුදල් කාබාසිනියා කරල නරි නාටකයක් පැවැත්වුවා මතක නැද්ද ? පුළුවන් නම් ඒ වගේ කාබනික පෝර වලින් ගොවිතැන් බත් කරන හැට් සර් සමග වියත් ගෝලයො රොත්ත ගමට ගිහිල්ල කියන්න.
සඳුන් Monday, 11 October 2021 06:10 AM
බයියන්ට තේරෙන කමත් භාෂාවෙන් සර් ෆේල් කියන්නේ ඕකට තමයි.
සඳුන් Monday, 11 October 2021 06:48 AM
ඔය ලියුම බාර දෙන්න තිබුනෙ මහිදානන්ද ගරු ඇමතිතුමාට. පේන විදියට කාබනික වී ගොවිතැන ගැන ජනාධිපතිතුමාටත් වඩා තදින්ම ඉන්නෙ එතුමා. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි රිවර්ස් වුනත් ඇමතිතුමා ගොවියන්ව කාබනික වගාවෙන් අයින් කලොත් ඇමති කමෙනුත් ඉල්ලා අස්වෙයි.
Sunil Monday, 11 October 2021 06:51 AM
පනින්න පෙර සිතා බලනු කියන්නේ මේ නිසයි.
ගජමිතුරු Monday, 11 October 2021 06:56 AM
කාලෙක සිටම ගොවීන් උද්ඝෝෂණ කරනවා පෙනුණේ නැද්ද දැන් පළාත් සභා මැතිවරණය තියන්න කියලා ඉංදියාවෙන් කියනකොට ගමට යන්න බැරුව බයිලා ගහනවා.
Lalith M Monday, 11 October 2021 07:14 AM
ප්‍රමාද වැඩියි. ඔබ පරාදයි. වෘත්තීය දැනුම නැතිව අණදීම හමුදාවට පුලුවන් වුණාට සිවිල් සමාජය තුළ බැහැ. හමුදාව පාලනය කරන සියලුම රටවල් අන්ත දූෂිත සහ දුප්පත්කම පිරුණ තැන්... ඒ වගේම පාලකයින්ට පැවැත්මක් නැති තැන්. ලිබියාව, ටියුනීසියාව තව ටික කලකින්ම සිරියාව වුණත්..
sam Monday, 11 October 2021 07:29 AM
රිවස් කරන්නම වෙනවා. ඒකත් ෆේල්. මාර වැඩේනේ මෙයා අත ගහන ගහන හැම එකම ෆේල්.
swene Monday, 11 October 2021 08:09 AM
ලැබුණු ජන වරමයෙන් උද්දාමයට පත්වී හමුදා ක්‍රමයට නියෝග දීමේ වැරදි කළමනාකරණය නිසා දේශීය කෘෂි හා වැවිලි අනතුරට පත්ව ඇත. කාබනික කියා අනුන්ගේ කුණු, පොහොර ලෙස ආනයනය කොට භාවිතා කිරීමට සිදුව ඇත. සහල් ගෙන්වීමට සිදුව ඇත.
සෙනෙවිරත්න Monday, 11 October 2021 09:32 AM
අර කාබනික පොහොර ගැන රචනා ලියපු අයත් ඉන්නවද ඔතන? දැන් ජවිපෙට අවලාද කියපු අය මොකද කියන්නෙ? එකම අකුරු සහිත පෝස්ටර් ගැන එහෙම කිව්වෙ?
fairoos Monday, 11 October 2021 12:37 PM
බලන්න අපේ සර් ට එක වැඩක් කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා .තවත් අවුරුදු 2 ක් ඔහොම යන්
BamunuarachchiMonday, 11 October 2021 05:14 PM
දෙකක් මොකක්ද? 2030 වෙනකන් යනවා. ජේ.ආර්.ට විතරද පුළුවන්...? රට හදලා මිසක් දෙන්නේ නැහැ. එළුවෝ බලපු ගොයියන් රටේ මොනවා කරන්නද?
Bamunuarachchi Monday, 11 October 2021 05:17 PM
මෙච්චර ඉල්ලනවා නම් රසායනික පොහොර දෙන්න... ඒ නිසා ඇතිවෙන රෝග වලට පැනඩෝල් දෙමු. බදු මුදල් බෙහෙත්වලට වියදම් කරන්න එපා...