
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බව එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි.
COMMENTS
එතකොට ආණ්ඩුවේ පදේටද හැමෝම නටන්න ඕනෑ..?
රජය ව්‍යාපාර කළයුතු නැත. රජය කළ යුත්තේ ව්‍යාපාර නියාමනය කිරීමයි...!
ආණ්ඩුවේ තීරණ වෙනස් නොවන්නේ නම් ආංශික කාරක සභා රැස්වීම් තැබීම පවා කාලයත් ධනයත් නාස්ති කිරීමකි...!
දුර නොබලා තියෙන තියෙන එක විකුණලා දමනවා වගේ නෙවෙයි ඕවගේ අතුරු ප්‍රතිඵල ගෙවන්න වෙන්නේ අනාගත පරපුරට... මෙයාලා අටවලා හොඳට කොමිස් අරගෙන මැරිලා යයි.
සරත් වීරසේකර මැතිවරණයකදී මෝඩ ජනතාවගේ මනාප බලාගෙන හදන වාර්තා පිළිගත යුතු නොවේ...
සමහරු මෙතැනදී රජයේ ආයතන පුද්ගලිකකරණය හරියි කියන මතයේ ඉන්නවා. හැබැයි ප්‍රතිපත්තිගරුක, අවංක දේශපාලකයින් විසින් පාලනය කරන වෙන රටක නම් ඒක 100%ක් හරි. එතකොට මමත් ඒ මතයේ ඉන්නවා. නමුත් මේ රටේ ඉන්න වංචනික, තක්කඩි දේශපාලුවන් එක්ක නම් ඔය වැඩේ කරන එක හරිම අවදානම්... දන්නවානේ එදා ඉඳන් මොවුන් වැඩ කළේ තමන්ගේ බඩ මුල් තැනට දීලානේ. වාචාලකට, හැකර වොයිස් කට් දිදී දිගට හරහට ගහවි කොමිස් උන්ගේ පරම්පරා ගානකට හරියන්න. අන්තිමේදී කොයි වැඩේ කරන්න ගියත් වුණා වගේ මෙතැනදීත් වෙන්නේ රටේ මිනිස්සුන්ටමයි වන්දි ගෙවන්න...
ඇමැති කටු සූප්පන රනිල්ගේ කුක්කෝ රනිල් ගහන ගහන පදේට නටනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
පොහොට්ටුවෝ ඔය බොරුකාරයාව පත්කළේ ජාතියෙන්ම පළිගන්න තමයි. දැන් ජාතික ආරක්ෂාව ගැන වදවෙන්න ජාතියකුත් නෑ වගේ...
තවත් කාලකණ්ණියෙක්... නන්දසේනත් එක්ක එකතුවෙලා රට කෑවා... දැන් එනවා ජාතික ආරක්ෂාව ගැන කියවන්න...