(ඉන්දිකා රාමනායක)

නීනීරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 433 දෙනකු ඊයේ (22) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැලඳ සිටි පිරිස බවද හෙතෙම කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් බවත් ඒම සංඛ්‍යාව පුද්ගලයන් 96 කි. තවත් 73 දෙනකු මාතලේ ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටියේය

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 42347 මේ දක්වා අත්අඩංගුවට ගෙන බවත් ඉදිරි දිනවල අධිකරණ විවෘත කිරීමෙන් පසු නීරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙම පිරිස අධිකරණවලට ඉදිරිපත් කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි .