
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික පිිරිසක් සිදුකරන විරෝධයක් හේතුවෙන් හයිලෙවල්මාර්ගය කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වසා දමීම නිසා එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි වාර්තා වෙයි.
පෙරවරුකාලයේ එම පිරිස අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධය දක්වා පසුව පා ගමනින් හයිලෙවල් මාර්ගය දක්වා පැමිණ මෙසේ විරෝධතාවයේ නිරත වෙති.
(ළහිරු හර්ෂණ)


COMMENTS
මේ රට වැටිල තියන වෙලාවෙ ඒක භාර අරගෙන හදන්න හදන වෙලාවෙ ඔහොම කරන්න හොදනෑ ඔය මිනිස්සු.
මේ රටේ වැඩක් කෙරෙන්න ඕනෑ නම් මේ මහලොකු විරෝධතා කාරයින් දණිස්සෙන් පහළට වෙඩි තියලා එලවන්න ඕනෑ. ඇත්තටම මේ නිර්පාක්ෂික කිව්වට පස්සේ ඉන්නේ ජේවීපී. කිසිම වැඩක් කරන්න නොදෙන කාබාසිනියා කණ්ඩායමක්...
ඇත්තටම මේක නං පිස්සුවක්. නැතිනම් තමතමන්ට කියලා කරන්න වැඩක් නැති හිඟාකාලා ජීවත් වෙන කුඩ්ඩන් ටිකක් ෆෝම් කරලා ජේවීපී එක තමයි මේවා කරවන්නේ. මේවා දැන්වත් නවත්තන්න. බැරිනම් ගහලා එලවන්න. කිසිම කෙනෙකුට රටක් පාලනය කරන්න බෑ...
මොන නිර්පාක්ෂිකද? ඔතන ඉන්න හැත්ත බුරුත්තම ජේවීපී සහ පෙරෙට්ටන්. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අප රට අගාධයට යන්නට මූලිකම හේතුව ඒ දෙගොල්ලන්. ඇයි කොයි දේ කරන්න ගියත් විරෝධතා...?
රට ගිලෙනකන් විරෝධතා කරපල්ලා.. 3% ඇතුළු අනිත් අයත්... රටකට පිනකට සල්ලි ලැබෙනවා හැරෙන්න නුඹලා මොනවද කරන්නේ? රටක් ගොඩගන්න රටවැසියාත් උනන්දු වෙන්න ඕනෑ. දැන් ඇති....!
මේ සේරම ජොනියාගේ මිනිස්සු, ජොනියා දැන් ජ.වී.පෙ. පිටින් දාන්ඩ වැඩක් පටන් අරගෙන පොහොට්ටුකාරයින් දාලා කරන්නේ අරක්කු පොවලා, සල්ලි දීලා, අර අරගලයට කළා වගේ...! පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා..!
බයියන්ට, ටොයියන්ට හොඳ වුණාට එදා වේල කන්න නැති තරමට මේ රට වට්ටලා.. රට විනාශ කරපු කල්ලි දෙක එකතුවෙලා මේ රට ගොඩදායි කියලා හිතන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයින් නෙමෙයි.. ජවිපයට ගහන්න කෝටි 2ක් වෙන් කරලා තියෙනවා. ඒ සල්ලි දැන් වැඩකරන බව සමහර ප්‍රතිචාරවලින් පේනවා.