ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහමුද් ජිබ්‍රිල් මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වී ඇත.
2011 වසරේදී බලයෙන් පහකළ මුහම්මර් ගඩාෆිගේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස මොහු කටයුතු කළේය.
ඊයේ කයිරෝහිදී මියයන විට 68 වැනි වියේ පසුවූ ජිබ්‍රිල් මහතා සති දෙකක කාලයක් රෝහල් ගතවී සිටියේය.
කයිරෝ නුවර පිහිටි ගන්සෝරි විශේෂිත රෝහලට පසුගිය මාර්තු 21 වැනිදා ඔහු ඇතුළත් කර ඇත්තේ හෘදයාබාධයකින් පෙළීම හේතුවෙනි.
ඉන් දින 3 කට පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
අන්තර්ජාතික පිළිගැනීම සහිත ලිබියානු ආණ්ඩුව මොහුගේ මරණයට පෙර කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් එක් මරණයක් සහ ආසාදිත රෝගීන් 18 දෙනෙකු පිළිබඳ තොරතුරු තහවුරු කර තිබේ.
ලිබියාව දශක හතරකට පසු 2012 වසරේදී එරට ප්‍රථම නිදහස් මැතිවරණය පවත්වන තෙක් ජබ්‍රිල් මහතා අන්තර්වාර රජයට ද නායකත්වය ලබාදුන්නේය.
අනතුරුව ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ පක්ෂය ඡන්දය ජයග්‍රහණය කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අගමැති ධූරයට ස්වාධීන අපේක්ෂකයෙකු තෝරා ගැණින.
මුහම්මර් ගඩාෆිගේ ආණ්ඩුවේ අවසන් වසරවලදී ආර්ථික උපදේශකයෙකු ලෙසද ජබ්‍රිල් මහතා සේවය කර තිබේ.
-226-
(අල්ජසීරා ඇසුරෙනි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලිබියාවේ හිටපු අගමැති කොරෝනා වයිරසයෙන් මියයයි