(ඩී.ජී.සුගතපාල)
ඇල්පිටිය රෝහලේ සායන පවත්වන කාමරයක අද (28) පෙරවරුවේ ඇති වූ ගිනි ගැනීමකින් එහි වායු සමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ගිනි ගැනීම වාර්තාවීමත් සමඟ අම්බලන්ගොඩ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ඇති අතර ඒ වනවිට රොහල් සේවකයින් විසින් ගින්න බොහෝ දුරට මැඩ පවත්වා තිබිණ.
ගින්න හට ගන්නා අවස්ථාවේ එම කාමරයේ කිසිවෙකුත් නොසිට ඇති අතර වායු සමීකරණ පද්ධතියට අමතරව බඩු භාණ්ඩ වලටද අලාභ හානි වී තිබේ.
වායු සමීකරණ පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගන්නට ඇති බව පොලිසිය පැවසීය.
විදුලි බල මණ්ඩලයද පැමිණ පරීක්ෂණ පැවැත් වීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.