(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි බස්රථවල වාර්ෂික රක්‍ෂණ ගාස්තුවේ දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාදීමට රක්‍ෂණ සමාගම් එකඟ වූ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යයේ උසස් නිලධාරියකු පැවසීය.
පෞද්ගලික බස්රථවල රක්‍ෂණය ලබාගැනීමේදී එහි සම්පූර්ණ මුදලින් සියයට 10 ක් ගෙවා ඉතිරිය මාස දෙකක් තුළ ගෙවීම සමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය රක්‍ෂණ සමාගම් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාගැනීමට හැකිවූ බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වගකීමට බැදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.