
(අංජුල මහික වීරරත්න)
යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් අද (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.
75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරේ. 2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදි පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා “75 වන නිදහස් සංවත්සර අනුස්මරණ” පදක්කම් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරු පටි ගත්තා වගේ නෙමෙයි .හිලව්වට චන්දෙ කාලෙට මොනවා ඉල්ලයිද දන්නේ නැහැ ?
ජනතාවගේ රණවිරු ගාය නම් දැන් සනීපයි.
අභ්‍යන්තර හා බාහිර බලවේගවලින් රට ආරක්‍ෂා කිරීම ගැන ස්තුතියි