(ටී.කේ.ජී.කපිල )
විදේශිය නිෂ්පාදිත දුම්වැටි තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පවසති.
මොවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සහ 46 හැවිරිදි ව්‍යාපාරිකයෝ දෙදෙනෙකි
ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට පැමිණි ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී - 9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල ගමන් මලු වල රුපියල් විසි හය ලක්ෂ හැට දෙදහසක් (26,62,000) ක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 242 ක් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd