IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රත්නපුරේ මැණික් මිල පහෙන් එකට බසී

(රෝහණ සමරවීර)

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රත්නපුරේ මැණික් මිල ඉතා පහළ මට්ටමකට වැටී ඇතැයිද,  මේනිසා ශ්‍රමයට සරිලන මිලක් මැණික් සඳහා ලබාගත නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇතැයිද පතල් කම්කරුවෝ පවසති. රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වටිනා මැණික් ගලක් රුපියල් ලක්‍ෂ 20 ක් හෝ ලක්ෂ 30 ක පමණ මිල දක්වා පහත වැටී ඇතැයි  පතල් කරුවෝ  පෙන්වා දෙති.

රත්නපුර දිස්ත්‍රිකයේ පල්ලේබැද්ද, ගොඩකවෙල, නිවිතිගල, කලවාන, කහවත්ත, පැල්මඩුල්ල,  බලංගොඩ, ඇඹිලිපිටිය ඇතුළු සියලු ප්‍රදේශවල ජීවත් වන පතල් කර්මාන්තයේ නියැලෙන මෙම පිරිස පවසන්නේ වයිරසය ව්‍යාප්තියට පෙර කර්මාන්තය තිබූ තත්වය මේවනවිට උඩුයටිකුරු වී ඇති බවය.

උද්ගත වී ඇති තත්වය හමුවේ බොහෝ දෙනා  මැණික් ගැරීම අතහැර දමා  ඇතැයි ඔවුහු කියාසිටිති. අනේක දුක්ගැහැට විඳිමින් සොයා ගන්නා   මැණිකට නියම  මිලක් ලබාදීමට මැණික් වෙළෙඳුන්ට  නොහැකි වී ඇති බවත් තම සුපුරුදු රැකියාවේ නියැලීම මේ වනවිට තේරුමක් නොමැති කාර්යයක් වී ඇති බවත් කියමින්  පතල් කරුවෝ මැසිවිළි නගති.

පෙර තිබූ මැණික් මිල මේ වනවිට එම වටිනාකමෙන් අඩකටත් වඩා අඩු මිල ගණන් දක්වා පහළ බැස ඇත.  තමන්ගේ  පවුලේ වියහියදම්  පවා  නිසි ලෙස පියවා ගැනීමේ හැකියාවක් නොමැති බව ඔවුහු පවසති.  

පතල් කම්කරුවන්ට සති මුදල් ගෙවමින්  ඔවුන්ට ආහාර පාන ලබාදෙමින් දුකසැප සොයා බැලීම, මැණික් ගැරීමේ යන්ත්‍ර, ජල මෝටර්,   ජෙනරේටර් යන්ත්‍ර, ඔක්සිජන් යන්ත්‍ර  ආදියට  අවශ්‍ය ඉන්ධන සපයමින් ඒවා නඩත්තු කිරීම,  වෙනත් උපකරණ හා ප්‍රවාහන ගාස්තු දරමින්   මැණික් පතලක් පවත්වාගෙන යාම ආදී කටයුතු සඳහා   රුපියල් මිලියන ගණනක මුදලක් වැය වෙන බව  පතල් පවත්වාගෙන යන්නෝ පවසති.  එවැනි පසුබිමක තමන් සොයා ගන්නා මැණික් අඩු මිලට  විකුණූවිට තම වෘත්තීය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්  උදාවී ඇතැයි ඔවුහු කියති.

තම සන්තකයේ තිබෙන සියලු  මුදල්  පතල් පවත්වාගෙන යාම සදහා  මේ වනවිට වියදම් කර හමාර   බවත්  තමන්ගේ  යාන වාහන පවා විකුණා දැමීමට පවා සිදුවී ඇති බවත් අඩු පොලී මුදලක් යටතේ තමන්ට බැංකු ණයක් ලබා ගැනීම සඳහා අවස්ථා සලසා දෙන ලෙසත්  බලධාරීන්ගෙන් එම පිරිස  ඉල්ලා සිටිති.
ඉදහිට මැණික් පතලකින් හොඳ ගලක් ලැබුණද එහි අළෙවි වටිනාකමේ මුදලින් කොටසක්  ලෙස මුදලාලිලාගෙන් ලැබෙන බවත් එය ලක්‍ෂ පහ ගණන් විය හැකි  බවත් වටිනාකමෙන් අඩු මැණිකක් ලද විට එය විකුණා මුදල් පතල් කම්කරුවාට සන්තෝසමක් ලෙස ලබාදීම මුදලාලිගේ සිරිත බවත් ඔවුහු කියති. නමුත් දැන් එසේ කළ නොහැකි වී ඇත්තේ මැණික් මිල අඩුවීම හේතුවෙනි.

ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු වන නිවිතිගල පදිංචි රුවන් රූපසිංහ මහතා මෙසේ පවසයි.

‘පතල් කරුවාගෙන් මිලදී ගන්නා මැණික  ජාත්‍යන්තර වෙළෙදුන්ට වැඩි මිලකට විකිණීමේ හැකියාව අපට  එදා තිබුණා. එය දැන් එහෙමම නතර වෙලා තිබෙනවා. දෙස් විදෙස් මැණික් ව්‍යාපාරිකයන් අද මොන තරම් වටිනා මැණික් මිලදී ගත්තත් නැවත මුදල් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලනවා  මෙයට මැදිහත් වෙන්න කියලා.

රජයේ ආයතන නිලධාරීන් පතල් කම්කරුවන්ට බොරු චෝදනා ගොනු කරමින් නීතිමය කටයුතු කිරීම හේතුවෙන් මැණික් කර්මාන්තයේ යෙදෙන්නන් දැඩි පීඩාවට පත්වී සිටිනවා. අහිංසක පතල් කම්කරුවන්ට යම් දඩයක් නියම කළොත් ඒක ගෙවන්න නොහැකියි. ඔහු ඒ අසරණ භාවයෙන් මුදා ගන්න සිදුවන්නේ අපටයි. එහෙම දේ සිදුවෙනවා. ගැරුම් වට්ටිය හා උදැල්ල භාවිතා කරමින් මෙතෙක් කාලයක් පැවැති සම්ප්‍රදායික වෘත්තීය  දිගටම  කරගෙනයාමට පතල් කම්කරුවාට ඉඩ සලසා නොදීම තවත් කාරණයක්. එම සම්පදායට නැවැත ඉඩ සලසා දෙමින් මැණික් කර්මාන්තය ආරක්‍ෂා කිරීමට රජය යම් වැඩ පිළිවෙළක් වහා සැකසිය යුතුයි.’ යයිද රුවන් රූපසිංහ මහතා පැවසීය.



අදහස් (4)

රත්නපුරේ මැණික් මිල පහෙන් එකට බසී

විජයවර්ධන Wednesday, 24 June 2020 12:38 PM

අත්වල කරගැට එනතුරු මැණික් ගරන්න වැඩ කරපු කෙනා ගුබ්බෑයමක ඉන්නත්, අතරමැදි හොර මුදලාලි මාලිගා කීපයක අයිති කාරයා වෙන්නත් හේතුවක් තිබිය යුතුව ඇත. ජීවිත කාලය තුරාම වංචා කරමින් ගොඩ ගහපු සල්ලි කඳුබිමට කඩා වැටෙන්න කාලේ ඇවිත්... දැන්වත් ලෝක ධර්මය තේරුම් අරන් සාධාරණ වෙනවා නම් හොඳයි. දුප්පත් මිනිස්සුත්ගේ ශාපය වැදිලා වගේ ඔය අසාධාරණ ධනස්කන්ධය නැති භංගස්ථාන වන බව හැමෝම තේරුම් ගත යුතුව ඇත...

:       0       133

WCAThursday, 25 June 2020 08:59 AM

ඉතින් ඔයකියන අයටත් පුළුවන්නේ මහන්සි වෙන්නේ නැතිව මුදලාලි වගේ ඉන්න කවුරුන්ද බාධා කරන්නේ...? කව්රුත් පතල්වලට බලෙන් ගෙන්න ගන්නේ නැහැනේ.. පතල්වල අාදායම බෙදන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් දීලා තියෙන ක්‍රියා පටිපාටියක් තියෙනවා.. දන්නේ නැත්නම් හොයාගෙන කියවන්න.

:       15       18

sampath Wednesday, 24 June 2020 03:32 PM

මේක මැණික් විතරක් නෙවෙයි, සියලුම ක්ෂේත්‍රවලට පොදුයි. මාලු, එළවළු, හාල්, පලතුරු, මල්, රෙදිපිළි, දැවභාණ්ඩ නිෂ්පාදකයා එදාවේල කන්න නැතිව ඉන්නවා. පාරිභෝගිකයාටත් එහෙමයි. අතරමැදියා මහා ධනයක් උපයමින්, ඒවා නාස්ති කරමින් විනෝද වෙනවා. අර පතල්වල ඉන්න මිනිස්සුන්ට සමෘධියවත් දෙන්න..

:       0       42

Bamunuarachchi Thursday, 25 June 2020 06:20 AM

කළුගල් ලෝඩ් එකක් ගාණකට දෙනවා නම් මට ලෝඩ් එකක් දෙන්න කොන්ක්‍රීට් එකක් දාගන්න.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28446 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10936 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site