(රංජන් කස්තුරි)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් ඇතුළත් ජනාධිපතිවරණ දැන්වීමක් පුවත්පතක පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මීට අමතරව එම ප්‍රචාරක දැන්වීමට අදාළ ජනාධිපති අපේක්ෂකයා අයත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාටද, අවවාදාත්මක දැනුම්දීමක් කළ බවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එන නීතිවිරෝධී පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කළ යුතුව තිබුණද මෙතෙක් එය ඉටුව නැතැයිද ඒ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.