
(යොහාන් භාසුර)
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්රාග්ධනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොළඹ, කොටුව ටෙලාකොම් මූලස්ථානය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්ෂාව අනතුරේ’ සහ ‘ජාතික සම්පත් විකිණීම නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන එහිදී ටෙලිකොම් සේවකයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විකුණලා දානවට රටේ සියලු දෙනාම විරුද්ධ විය යුතුය . රජයට අයත් ආයතන වලින් අඅධිකම ලාබ ලබන ආයතනය. මේක විකුණලා පාඩු ලබන ආයතන තියාගෙන අපේ බදු වැඩි කරල ආදායම් හොයනව. මුන්ව හෙන ගහන්න ඕන අපරාධය ක් මේ කරන්නේ .
විකුණනවාට විරුද්ධව නම් තොපිට කරන්න තියෙන්නෙ උද්ඝෝෂණ කිරීම නොවෙයි නුඹලා ඔක්කොම එකතුවෙලා ඒ කොටස් සියල්ලම ගනිල්ලකො එතකොට ඒක උඹලගෙ බූදලයක් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද ඔහොම අව්වේ වැස්සෙ තෙමිතෙමී නහින්න ඕනෙත් නැහැ උඹලගෙ එවුන්ට රැකියා ගන්නත් පුළුවන් වේවි දැන් කරන හොර මගඩි දූෂණ වලින් ගන්නවාට වඩා ගන්නත් හැකියාව ලැබේවි උත්සාහවන්තයා ජයගනී
මුන්ට මේක කකා ඉන්න තවත් ඉඩ දෙනවාද? මෙහි සේවකයෝ ලබන වැටුප් හෙලි කරන්න. සේවා වලින් කොපමණ ගසා කණවාද?
නැහැ නැහැ උඹලව විකුනන්නේ නැහැ. උඹලත් එක්ක ටෙලිකොම් තියා රට විකුනන්නත් බැහැ. කවුරුත් ගන්නේ නැහැ. උඹලව හලා ගන්න පුළුවන් නම් ටෙලිකොම් විකුණන එකක් නැහැ.