(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පසුගිය 9 වැනි දින ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා 59 ක් සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 59 කු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම පුද්ගලයන් දිවයිනෙන් බැහැරව සිටියත් මෙම අපරාධ සඳහා ඔහුට එරෙහිව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් පාසල පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
ඔච්චර පරික්ෂණ කරන්න දෙයක්ද විඩියෝ වල සාක්ෂි තියෙද්දී කවුද ගැටුම ඇති කලේ කියලා. ඒ අයව මුලින් අත් අඩංගුවට ගන්න...
ගාලු මුවදොර ගැටුම ඇති උනේ ඇයි. රජයේ මැති ඇමතිවරුන් පිරිසක් මැරයින් සමග එතනට කඩාවැදී උද්ගෝශකයන්ට පහරදීම නිසා. පහරදීම වලක්වන්න පොලිසිය ක්‍රියා නොකිරීම නිසා. පරීක්ශන එතනින් පටන්ගන්න. ඒ අයට නීතිය ක්‍රියාත්මක නොකර එතනින් පස්සේ උන දේවල් විතරක් පරීක්ශන කරන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ සහ ජොනී පළමු විත්තිකරුවන් , පළමුව ඔවුන්ව අත්අඩංගුවට ගන්න.
කතාව එකරටක එක නීතියක්... ඒ වුණාට මැර වැඩේට අනුබල දුන් අය නිදහස්.