
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ සිරුර එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කළ කවින් ලක්සාන් බණ්ඩාර ගුණරත්න (26) තරුණයාය .
මහල් 12 ක නිවාස සංකීර්ණයේ නමවෙනි මහලේ මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.
ඉරුදින සොයුරිය රැකියාවට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේදී මියගිය තරුණයා මෙන්ම මව ද නිවසේ සිට ඇති අතර ඔවුන් රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට.අලුයම මවගේ ජංගම දුරකථනයට ලද පණිවුඩයක් අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙයි
තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල බිම් ඇතුරුම් ගල් මත උඩුබැලි අතට වැටී සිටි අතර හිස දෙසින් විශාල ලේ ධාරාවක් ගලා ගොස් තිබූ අතර අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි
එම ගසේ කුඩා අත්තක් ද එම ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය කියයි
මියගිය තරුණයා පදිංචි නිවසේ ආලින්දයට ( බැල්කනියට ) පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන බවත් තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය


2025 දෙසැම්බර් මස 16
70
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල
විපරමා Monday, 19 July 2021 05:41 PM
හරිම කණගාටුදායකයි. ඔහුට එහෙම වුනේ කියන එකත් ප්‍රශ්නයක් ...
wheesly Monday, 19 July 2021 10:40 PM
නිවන්සුව ලැබේවා