(විනීතා එම් ගමගේ)
තම කණ්ඩායමේ දේශපාලන ගමන නොවැම්බර් 16 වැනිදා නොනවතින බවත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරියටම යන බවත් හිටපු යුද හමුදාපති , ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.
දේශපාලනයට අවතීර්ණ වූ තම කණ්ඩායමේ වෙනස වන්නේ දේශපාලකයන් සිටින රටක තමන් දේශ සේවකයෙක් වීම යැයි ද සේනානයක මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මේ වනවිට සකසා නිමවෙමින් පවතිතැයි ද ඉදිරි දින කිහිපයේ දී එය ජනතාව අතට පත් කරනන්ට සූදානමින් සිටන බව ද ඔහු සඳහන් කළේය.
ගමන් මග කුමක් දැයි එයින් හෙළි වනු ඇති බවත් ජාතික ආරක්ෂාව ආහාර ආරක්ෂාව ආර්ථික ආරක්ෂාව ආදී ආරක්ෂාවන් රැසක් ගැන තම ප‍්‍රතිපත්ති තුළ සාකච්ඡා කරන බවත් හෙතෙම කියා සිටියේය.
මහේෂ් සේනානයක මහතා මේ අදහස් පල කළේ අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ සේනානායක මහතා නිර්පාක්ෂික ස්වාධීන ජනතා අපේක්ෂකයෙක් වන තමන් ජාතික ජනතා ව්‍යාපාරය ජනතා සභාව වැනි සංවිධාන 30 කට ආසන්න ප‍්‍රමාණයක් එක්ව සිටින බවත් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වීමට පක්ෂයක් අවශ්‍ය නිසා ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වූ බව ද කීය.
වසර 71 ක් තිස්සේ මේ රටේ සිදුවී ඇති දේශපාලන සංස්කෘතිය නිසා රට ගොස් ඇත්තේ ඉදිරියට නොව පසුපසට යැයි කී ඔහු නැවත නැවත එයම සිදුවෙමින් පවතිතැයි ද කීය.
මෙහිදී සෑම පුරවැසියෙකුටම තම යුතුකම් රට වෙනුවෙන් ඉටුකිරීමේ වගකීමක් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
යුද හමුදාපති ලෙස සතුටින් විශ‍්‍රාම ගත් නමුත් රටේ ඇති වී ඇති හා ඇති වෙන්නට යන ව්‍යසනය දැකීමෙන් පසු රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුය යන අදහසින් මෙසේ ඉදිරිපත් වූ බව ද ඔහු සඳහන් කළේය.
මේ වනවිට අතිශය පැරණි යල් පැන ගිය දූෂිත හා අසාර්ථක දේශපාලන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වන බව පැහැදිලි යැයි ද ජාති ආගම් කුල වලට බෙදීම මේ වාට බොහෝ හේතුවන බවත් පෙනී ගියේ යැයි ද එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය බැවින් මෙසේ සිවිල් සංවිධාන සමඟ එක්ව සටන් කිරීමට තීරණය කළ බව ද සේනානයක මහතා ප‍්‍රකාශ කළේය.
නාම යෝජනා පත‍්‍රය භාර දෙන්නට යන අවස්ථාව දක්වා බොහෝ දෙනා එය නැවැත්වීමට කටයුතු කළ බවත් එසේ වුවත් එය වළක්වන්නට කිසිවෙකුටත් නොහැකි වූ බවත් හෙතෙම පැවැසීය.
රට අඳුරින් අගාධයකට යමින් සිටියදී ඊට ආලෝකයක් දෙන්නට අවස්ථාව ලැබුණු බැවින් මැතිවරණයේ දී තම සළකුණ ලෙස විදුලි බුබුල තෝරාගත් බව ද සේනානයක මහතා කීවේය.
ඉදිරි පරම්පරාවට සේවය කිරීම තමන්ගේ අරමුණ වන අතර එහි දී පවුල මම කියන දේ නොව රටේ සියලූ පළාත්වල ජනතාවට සේවය කිරීම අරමුණ බව ද ඔහු සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව ගැන දැන් දැන් සියලූ දෙනා කතාකරන්නේ යැයි ද එහි ඇති දුර්වල කම් ගැන තමන් පෙන්වා දී ඇතැයි ද කී සේනානයක මහතා තමන් ජනපති ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දී විශ‍්‍රාමික ආරක්ෂක ප‍්‍රධානීන් ද ඇතුළුව අදාල අංශවල අදහස් ද ලබාගෙන කටයුතු කරන බව ද කියා සිටියේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වූ සේනානයක මහතා එහි බලතල අඩුයැයි මතයක් පැවැතියත් එසේ නොවන බවත් තිබෙන බලතල සමඟ බොහෝ දේ කළ හැකි බවත් පැවසීය.
තමන් පත් කරන අගමැතිවරයා තමන් නොදන්නේ යැයි ද මැතිවරණයකින් පසු ජනතාව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා අගමැති වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
සැබැවින්ම 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල වෙනස් වී නැති තරම් යැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
තමන්ට නාම යෝජනා දෙන්නට බැරි වුණේ මහේෂ් සේනානයක මහතා නිසා යැයි නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු එහි දී කළ විමසීමට පිළිතුරු දුන් සේනානයක මහතා එවැන්නක් ගැන තමන් නොදන්නා බවත් තමන් ගරු කරන පුද්ගලයෙකු වන ඔහු ඉදිරියේ දී තමන් සමඟ එක්ව මෙම මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද කීය.
ජනාධිපති තරඟයෙන් දිනුවොත් නව ව්‍යන්‍ස්ථාවක් සකස් කරන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් සේනානායක මහතා කියා සිටියේ එය ජනාධිපතිවරයාගේ කටයුත්තක් නොවන අතර පාර්ලිමේන්තුව විසින් එය කරනු ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන බව ද පැවසීය.
2010 දී රටින් පිටවී ඇමරිකානු හමුදාවට සම්බන්ධව රැකියාවක් කළ බවට චෝදනාවක් තිබෙනවා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් හෙතෙම කියා සිටියේ පැවති වාතාවරණය යටතේ ආරක්ෂාව පතා රටින් පිටවූ බවත් ඇමරිකාවේ නොව ඩුබායි හි ගුවන් සමාගමක කාගෝ අංශයේ රැකියාවක් කළ බවත් පෙන්වා දුන්නේය. එකී සමාගම ඇමරිකානු හමුදාවට භාණ්ඩ සැපයූ අතර තමන් රැකියාව ලෙස එම භාණ්ඩ අදාල රටවලට ගෙන ගොස් භාරදීම කළ බවද ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවට හිටපු විගණකාධිපතිවරුන් වන සරත් මායාදුන්නේ සහ ගාමිණි විජේසිංහ, නීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය, ආචාර්ය අනුර උතුමන්ගේ, ආචාර්ය අජිත් කොලොන්නේ, නීතිඥ ගාමිණි නන්ද ගුණවර්ධන, රංගවේදී කමල් අද්දරආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
මෙවර එකම බලාපොරොත්තුව... මොහු වටා ආරක්ෂා කිරීමට හොරු නැත... උගත් බුද්ධිමත් මිනිසුන්ගේ කර මතින් රට ගොඩ නගමු...
මේ ගොටබයට වැටෙන සිංහල චන්ද අපතේ යවල් සජිට්ව දිනවන්න ටරග කරන දෙවෙනි අපේක්ෂකයා. පළමුවැන්න අනුර කුමාර . මේ දෙන්න වටේ එකතුවෙලා ඉන්න යා දිහා බැලුවම ඇ බව හොඳට පේනවා. මෙයාල ජාති ද්‍රෝහියෝ , දේශ ද්‍රෝහියෝ
මෙයාගේ කලේ නේද පාස්කු ප්‍රහාරය එල්ල උනේ ?
මෙතුමා ජයගතහොත් සාර්ථක අනාගතයක් ඇති රටක් බිහිවේවි
සර් තෝරාගත්තේ ඉතාමත් අමාරුම පාර - එත් අපි දන්නවා හොද සෙබලා හරි පාර මිසක් ලෙහෙසි පාර තෝරාගන්නේ නැහැ කියලා. ඔබට ජය
එතකොට ඇයි අර පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුනේ? ඒක ෆේස්බුක් එකෙන් දැක්කා කිව්වෙත් මෙයාම නේද?
චෝදනාවලින් තොර සේනානායක මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සෑම චන්දදයකයකුගේම දෙවන මනාපය ලබාදෙමු
නිකම්ම නිකම්, පීචන් වෙන්නයී මෙයා හදන්නේ. චන්ද 25ක් විතර මුළු රටෙන්ම ලැබුනාම, තමාගේ තරම තෙරෙයී. හොදට ඉන්න පුළුවන් මිනිහෙක්නේ මේ, තමාම පීචන් කරන්න දගලන්නේ. අච්චර දේශපාලනය කොරාපු ජෙනරාල් පොන්සේකාවත්, ගෝටා මහත්තයා සමග හැප්පෙන්නේ නැති අවස්තාවක, මෙයා තනියම පීචන් වෙන්නන මේ දගලන්නේ.
බුදු පිළිම කැඩිම,ඒ ගැන ඔත්තුව දුන්න පුද්ගලයාට වෙඩි තැබිම සමග වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සහ අවුරුදු තිහක යුද්ධයක අත්දැකීම් ඇති සාමාන්‍ය පුද්ගලයකුටත් තේරුනා කුමක් හෝ නරක දෙයක් සිදුවන බව.ලංකාවේ ලොකුම ඔත්තු සේවයක් තිබෙන පරිණත යුදහමුදාපතිට බැරි වුනා මෙය තේරුම් ගන්න.පතෝල වගේ ජනතා සේවයකුට කැමතිනම් මෙන්න සුදුස්සා.
ඔබතුමා අවට හොඳ උගත් පිරිසක් ඉන්න බව පෙන්න තියනවා . ඔබතුමාගේ අදහස් දැනට දැවෙන ප්‍රශ්නවල අදාළ වෙනවා. කරුණාකරලා දස දුක් විඳින පොඩි දරුවෝ දුෂ්කර පළාත් වල විඳින දුක. කන්න බොන්න නැතිව, ජලය නැතිව, පිදුරු මඩුවල පාසල් යන දරුවෝ. එමෙන්ම ගුරුවරු, ගුරුවරියන් . බස්වල කිලෝමීටර් 50 වැඩි දුරක් ගමන් කරලා වෙහෙස වෙලා උගන්වන්න යන්නේ. මගේ පව්ලේ දරුවෙක් හට දුෂ්කර පළාතක ගුරු පත්වීමක් ලබල එම දරුවාගේ ජීවිතය එහෙමයි ගෙවෙන්නේ. ඔබ තුමාම වේදිකා වල මහා ජනතාවට පැහැදිලි කරලා දෙන්න . ඔබ තුමා හොඳ මිනිසෙක් .
මහත්මයා, ඔය වගේ සුරංගනා හීන පෙන්නාගෙන තමයි සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වල අත යටින් උදව් ගනිමින් යහපාලන ආණ්ඩුවක් හැදුවේ ඒකෙ සාපය මෙතෙක් කියා කියන්න බැරි තරම්ම බිහිසුණුයි. ඒ නිසා පොල් ගෙඩියක් ගහෙන් වැටෙනවා වගේ ජනාධිපතිවරනෙට ඉල්ලපු ඔබතුමා දැන් මහමතිවරනෙට තරග කරන එක ගැනත් කියනවා. එතකොට අපි ඔබතුමා කියන කියන පදේට නටන්න ඕනෙද, අනික ඔබතුමා හිතනවද තිරසාර මහජන මතයක් හෝ පෙළඹවීමකින් තොරවම හොරාට ජන්දවලට ඉදිරිපත් උන පලියට මිනිස්සු ඔබව විශ්වාස කරයි කියා.
නව ලිබරල් වාදය වෙනුවෙන් පොලිමක්ම පෙනී සිටිනවා ජ වී පෙ ඇතුළු. මොවුන්ගේ සටන් පාටය තමයි 71 වසරක් නිකන් හිටියා අපි තමය වැඩ කාරයෝ එනිසා ධනිපති ක්‍රමය හරියට කරන්න අපට දෙන්න කියලා මෙය නිකන් විකාරයක් විතරයි 71 ක් වසරක් නිකන් හිටියනම් මෙ අය ඉගන ගත්තේ අප්පච්චිලගේ සල්ලි වලින්ද මිනිස්සු පැන්ෂන් ගන්නේ සල්ලි අච්චු ගහලද බෙහෙත් නිකන් දෙන්නේ 71 ක් වසරක් බකන් නිලාගන ඉදලද පළමුව කල දේ අගය කරන්න මිනුස්සු අවුස්සන්නේ නැතිව ඉන් පසු විපක්ෂයේ ඉදල වැඩක් කරලා පෙන්නන්න එතකොට මිනිසුන් ඡන්දය දෙයි.
තව නාගානන්ද කෙනෙක්.
මෙන්න 30 වසර යුද්ධයේ දී ඇමරිකාවේ අවුරුදු 17 මාස 08 දවස් 23 ක් සැගවී නොසිට ජීවිතය පරුදුවට තබා යුධබිමේ රට වෙනුවෙන් සටන් කරපු ඔර්ජිනල් රණවිරුවෙන් අපි ඔහුට සුභ පතනවා ජයවේවා.
අපි නාගානන්ද ගෙන් හොඳ පාඩමක් ඉගෙනගත්තා. ඔබත් තව රැවටිලි කාරයෙකි. මේ හිටිගමන් දේශපාලනයට ආවේ කුමකටදැයි බොහෝ දෙනා දන්නවා.
අනෙක් නිලධාරීන් ට නම් සේවයෙන් පැන ගියාම ලැබෙන්නේ දඩුවම්. මොහුට ලැබුනේ හමුදාපති ධුරයයි. ඒකට කලගුණ සලකන්න ගෝඨාභයගේ ඡන්ද කඩන්න ඉල්ලනවා වෙන්න ඇති. රට දැයට ආදරය කරන ජනතාව හොදින් හිතා බලා මෙවර ඡන්දය පාවිච්චි කල යුතුය. මේ ඔබට ලැබෙන අවසන් අවස්ථාව විය හැක.
ඒ කියන්නේ දැනටම පරාජය පිළිඅරගෙන. අපේ රටේ බුද්ධිමත් ජනතාව පවතින මජර දේශපාලන ක්‍රමය එපාවී විකල්පයක් වෙත යොමුවෙමින් තිබෙන මොහොතක මේ ඩොලර් පිල්ලි ඇවිත් ඉන්නේ අපේ රටේ මිනිස්සු සැබෑ විකල්පයක් වෙත යොමු වීම වලක්වන්න. විද්වතුන්ගේ අදහස් යෝජනා මත රට ගොඩනගන සැබෑ යතාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් අවුරුදු හැත්තෑ එකක් තිස්සේ රට ගමන් කළ විනාශකාරී ගමන්මග වෙනස්කිරීමට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීම මේ ඩොලර් කාක්කන්ගේ අරමුණයි.
16 වෙනිදායින් පසු මෙයා හොයාගන්න හම්බවෙන්නෙත් නැහැ. ඩොලර් මල්ලත් අරන් ඇමෙරිකාවේ
ඔබට ලැබෙන්නෙ ඡන්ද 3021 ක් පමණි.
16 වෙනිදායින් පස්සේ මේ සෙට් එක මරාගන්නවා ඩොලර් ටික බෙදාගන්න බැරිව. අහසින් පාත් උන එක විකල්ප නාගයෙක් අතුරුදහන් වෙලා බුකියේ කඩේ ගිය පනික්කියෝ ටික හොල්මන් වෙලා ඉන්නේ.
නාගා නොමිනේෂන් නොදීම සල්ලි ටික අරන් මාරු උනා. මෙයා 16 වෙනිදගෙන් පස්සේ සල්ලි ටික අරන් මාරු වෙනවා. බුකියෙනුයි යු ටියුබ් එකෙනුයි දේශපාලනේ තෝරන මල්ලිලාට හොද පාඩම්. අවුරුදු විස්සක් තිස්සේ පාර්ලිමෙන්ත්වේ ඉඳන් උගුර ලේ රහ වෙනකන් මේ රටේ පාලකයෝ කරලා තියෙන විනාශය ගැන කියන සැබෑ විකල්ප අපේක්ෂකයා අනුර කුමාර දිහා දැන්වත් බලන්න මිත්‍රවරුනි
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන පොලිස්පතියි ආරක්ෂක ලේකමුයි විතරද? මෙයාට නඩු වැටුනේ නැත්තේ සිරිසේනගේ හෙන්චයියෙක් නිසාද?
ඔව් ඉතින් ඡන්දෙන් පැරදිලා ඉන්පස්සේ ජිවිත තර්ජන තියෙනවා කියල වෙනත් රටකට ගිගින් දේශපාලන රැකවරණ ගන්නකන්ම කෙළවරක් වෙන එකක් නැහැ.
ඔබගේ වැඩ පිළිවෙල ගැන පැහැදීමක් ඇතිකර ගත්තෙමි. ඉදිරියේදී තව දුරටත් අධ්‍යනය කර ඔබ දිනවීමට කටයුතු කරමි. ජය !
සුබ පැතුම්. ලෝකේ කොහේ හිටියත් ඡන්දෙට මම ලංකාවට එනවා.
පාර්ලිමේන්තු ඡන්දෙටත් ඔය විදියටම ඉල්ලුම් කරන්න පුලුවනිනේ
නාගානන්ද ලග හිටපු සෙට් එක නේද මෙයා ලග ඉන්නෙ. ඒ කියන්නෙ නාගට ගේම දුන්නෙ මෙයා. සිංහලයා කියන්නෙ එකාට එකා නැති ජාතියක්නෙ. නාගලට මෙයාලට රට බාරදුන්නොත් කොහොමට හිටියිද? කොහොමත් මේ සෙට් එකේ අරමුන මහ මැතිවරනෙදි ආසන කීපයක් හරි අරගෙන කවුන්සලේට පනින්නයි.
සියලු විකල්ප ඒකරාශි කොට මේ රට ගොඩනැගීමේ භාරදූර වගකීම ඔබ වෙත පැවරී ඇත. සැමට සුභ අනාගතයක් !
මෙතන ඇවිත් ඉන්න ගොඩක් අය දැක්කම හිතෙන්නේ ඔවුන්ට සැගවෙන්නට අවශ්‍ය බවකි.නෑවිත් බැරි නිසා මෙතනට ආවේ වගේ හැගීමක්.මම සාස්තරකාරයෙක් නොවෙයි. අද හෙටම මේ අය ගැටෙන අයුරු කැඩී විසිවෙන අයුරු මෙයින් තේරෙනවා. බොරුනම් මෙය මතක තබාගෙන සිට මැතිවරණයට පෙර නැවත මතක්කර ගන්න.
ඉන්න හොරු මදිවට, අලුත් හොරු සෙට් එකක් පෙරුම් පුරනවා මේ රට කොල්ල කන්න ගෙදර දොරේ වැඩක් පොලක් කරගෙන පවුල සමග විශ්‍රාම සුවයෙන් පසුවෙන්න මේ රටේ ජනතාවට පව් නොදී. ඔතන සිටින රාජ්‍ය සේවකයින්ගේ හා නීතිඥන්ගේ කෙරුවාව ජනතාව දැනගෙන බොහෝකල්. මේ රටේ ඡන්ද දායකයින් නාගානන්දලා වගේ හිතහොඳ මෝඩයෝ කියල වෙන්න ඇති මේ කට්ටිය හිතාගෙන ඉන්නේ. එකට ඉඳගෙන කන කන හොර සෙට් එකට දුවන්න පාරවල් නැතිවෙයි ගෝඨාභය මහත්තය ජනාධිපති උන දාට.
මේක අපේ ලෝකකයයි. අපිව මේ ලෝකෙට පුරුදුකලේ මේ කාලකන්නි දෙසපාලකයෝ , හොරකම, බොරුව වංචාව කුපාඩික ම මෙකී නොකී හැමදේම ලබාපු අත්දැකීම්.
නව බලාපොරොත්තුවක්...!!! සුබ ගමන්...!
රටට අවශ්‍ය පැහැදිලි වෙනසක්, අලියාගෙන් පුටුවටයි, පුටුවෙන් අලියට, අලියාගෙන් පුටුවට, නැත්නම් තාත්තාගෙන් පුතාට නෙවේ, රටට ඕනි නිවැරදි මග පෙන්වන්නෙක්, ඔබට අපගේ උපරිම සහයෝගය, නමුත් දුකයි කියන්න, අපේ රටේ මෝඩ, වහල් මිනුස්සු ඉන්නකල්, ස්වාදීන මාධ්‍යක් නැති නිසාත් , අපේ රටට ගොඩ ඒමක් නෑ
පරාජය කලින්ම පිලි අරගෙන. මෙයා ඇවිත්තියෙන්නේ දිනන්න නෙවෙයි. සැබෑ විකල්ප අපේක්ෂකයා වන අනුර කුමාර මහතාගේ ඡන්ද කඩන්න
16 පස්සේ මෙයාලව හොයාගන්න හම්බවෙන්නේ නැහැ. ඩොලර් මල්ලත් අරන් ඇමෙරිකාවේ.
අපිට බලාගන්න පුළුවන් 16 පස්සේ මෙයාලා ඩොලර් ටික බෙදාගන්න බැරුව මරාගන්න හැටි
එක නාගයෙක් ඡන්දෙට නාමයෝජනා දෙන්නෙත් නැතුව සල්ලි ටික අරන් මාරු උනා. මේ සෙට් එක ඡන්දෙන් පස්සේ සල්ලි ටිකත් අරන් මාරු වෙනවා.
මහේෂ් මහත්මයා, ගම්වල මිනිස්සු තවම අදුනන්නේ සතාවයි ඇතයි
නාගානන්ද කළ දේම තමා මෙයා කරන්නෙත්. මේ උඩින් පාත්වෙන ගැලවුම්කාරයෝ හිටපු ගමන් මිනිස්සු අතරමන් කරලා පැනලා යනවා. යු ටියුබ් එකේ වීඩියෝ දෙක තුනක් දාපු ගමන් අන්තර්ජාලෙන් දේශපාලනය තෝරන උගත් බුද්ධිමත් රටවැසියෝ මෙයාලා විශ්වාස කළා. අවුරුදු ගානක් තිස්සේ අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ රටට කියපු දේවල් අහපු නැති අය හිටිහැටියේ ක්ෂණික දේශපාලන වීරයෝ වෙන්න හදපු මෙයාලව බදාගෙන පිලි ගත්තා. පොළොවේ පය ගහලා දේශපාලනය කරන අවුරුදු විසි ගණනක් කිසිම පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන්, දුක් විදින මිනිස්සු වෙනුවෙන් සටන් කරන ජවිපෙ සමග පෙළ ගැසෙමු මිත්‍රවරුනි. සැබෑ විකල්පය වන ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට මෙවර ඔබේ සහයෝගය දෙන්න.
ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් කෙරුවේ කාට හරි හේත්තු වෙලා තමන්ගේ ගමන ගිය එකයි.
අහු වෙන්න එපා. මෙයාගේ කාළේ තමා අවරුදු 10 කට පස්සේ බෝම්බ පිපිරිලා මිනිස්සු 400 ක් මැරුනේ.
ශ්‍රී ලාංකිකයන් ලෙස එන ජනදිපටිවරනයෙදී මේ අපත පුද්ගලයාත් අලි කොටි සීනු අනිකුත් සිල්ලර අපේක්ෂකයිනුත් එක මිටට ගෙන පරාජය කිරීම කල යුතුයි.
මහේෂ් මහතා හමුදාපති තනතුරේ ඉන්දැද්දී වෙච්ච අකරතැබ්බයත් එක්ක හැමෝම කිව්වේ සහයෝගය දෙන්නම් රට අරන් කරගෙන යන්න කියලනේ. දැන් මොකද මේ අනෙක් පැත්තට කතා කරන්නේ. රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා විතරද මේ රට පාලනය කලයුත්තේ. අවස්තාවක් දීලා බලන්න මෙයාලටත්. මොකද මේ මිනිස්සු අහසෙන් කඩන පාත්වෙච්ච උදවිය නෙමෙයිනේ. රාජ්‍ය සේවයේ පළපුරුදු දක්ෂ උදවිය මෙතන ඉන්නේ. අනික අමුතුවෙන් ගොඩගන්න කියලා රටක් ඉතුරු වෙලා නැහැනේ මෙච්චරකල් රට ගෙනිච්ච අයගෙන් .