(කේ බුද්ධික කුමාරසිරි)
“මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයකු නොවේ” යැයි කල්‍යානී සාමග්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ පැවසූහ.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ප‍්‍රමුඛ නියෝජිතයන් පිරිසක් නාහිමියන් වැඩ සිටින පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාශ‍්‍රම විහාරයට පැමිණ වෙසක් වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කර ආශිර්වාද ලබා ගත්හ.
එහිදී කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ මෙසේ ද පැවසුහ.
‘අද දරුවන්ව පාසල්වලට එවන්න දෙමාපියන් බියක් දක්වනවා ඔවුන්ගේ බිය සාධාරණයි එම බිය නැති කිරීමට නම් කළ යුත්තේ රටේ මැති ඇමැතිවරු ඔක්කොම හැම ප‍්‍රධාන නගරයකම තියෙන පාසල් ලගට ගිහිල්ල පැය කිහිපයක් එහි ගත කරන්න උවමනායි. එය අද හෙටම විය යුතුයි. මේ රටේ මැති ඇමැතිවරයෙක්ම රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු අය. ඒ අයට ඇත්තටම හිතෙනවා නම් අපි රට ආරක්ෂා කරන්න ඕනෙ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ කියලා මේ දරුවන්ගේ බිය සැක නැති කරන්න පාසල් ළඟට ගිහින් ඉන්න බැරි කමක් තියෙන්න විදිහක් නෑ.’
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එම පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට පින් සිද්ද වේවා...... අපිට කියා ගන්න බැරුව හිටියේ දේශපාලනය එපා වෙලා
මම නොවේ මම කියා කෙනෙක් නොමැත කියපු බුදු හිමියන් ජාති, ආගම් වෙනුවෙන්, රට වෙනුවෙන් සිවුරු උඩට අල්ලාගෙන සටන් කරන්න කිව්වද? උන්වහන්සේ කිව්වේ මාරයා සමග සටන් කරන්න. සතිපට්ඨානේ පුරුදු කරන්න. ශාසනය පවතින්නේ, විනාශ වන්නේ රටක් පැවතීම මත නොවේ... සත්ධර්මය ප්‍රගුණකළ උත්තමයින්ගේ පැවතීම හේතුවෙනි.
අපේ හාමුදුරුවො කියන වැඩේ නරකම නෑ හාමුදුරුවනේ, නමුත් ලංකාවේ පාසැල් 10,200 ක් විතර තියනවා, නමුත් පාර්ලිමේන්තුවේ ඉන්නෙෙ 225යි. ඉතින් මොකද කරන්නෙ අපෙ හාමුදුරුවනේ.
හාමුදුරුවනේ ඒක ඒ අය තේරුම් ගන්නෙත් නෑ. තේරුම් ගන්න කැමති නෑ.
පාසල්වලට දරුවන් යවන්න බයයි. ඒත් ටියුෂන් පන්ති වලට දරුවන් යවන්න කිසිම බයක් පෙන්වන්නේ නැති දෙමාපියන් ඉන්න පුදුම රටක් ඕයි මේක...
මැති ඇමැතිවරු නාවට කමක් නෑ. ඒ ගොල්ලන්ගේ ළමයි ඉස්කෝලෙට එවන්න කියන්න.
ඉතින් ඒ වගකීම ගන්න ඕනේ ආණ්ඩු පක්ෂේ අය විතරද ? විපක්ෂේ අයට එක අදාල නැද්ද ? මේ වගේ මුට්ටි අල්ලන හාමුදුරුවරු අයින් වෙලා රට හරියට කරන්න ඉඩ දෙනවානම් කොච්චර හොදද
හැමදේම දේශපාලන කන්නාඩි දාගෙන බලන එක මෝඩකමක්. හරි දේට හරි කියන්න.
මිනිසුන් තුල පවතින දේශපාලන වහල් භාවය රට පිරිහීමට ප්‍රධානම හේතුව යි.