IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


නොරෝච්චෝල ලක් විජය සේවකයින් කොරෝනා ආසාදිතයින් නොවෙයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23) දින පැවසිය .

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට 22 දින ඇතුලත් කර තිබුනී.

එහිදි අදාල පිරිසගෙන් පි.සි.ආර්.පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.

එම පරික්ෂණ වාර්තා අද (23) උදෑසන පුත්තලම මුලික රෝහලට ලැබි තිබුනී.
කෙසේ වෙතත් මෙම තත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමින සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත යාම සම්පුර් ණයෙන් නවතා තිබු අතර ඔවුන් ආරක්ෂීත ලෙස නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මේ පිළිබදව කල විමසිමේදි නොරෝච්චෝල ලක් විජය බලාගාර කළමණාකාර ඉංජීනේරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා සිටියේ මෙවැන්නකී.

“ අදාල පරික්ෂණ වලට යොමු කල කිසිවකු කොරෝනා රෝගින් නොවන බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වි තිබෙනවා .නමුත් කිසිම අයුරකින් මේ සිද්දිය මුල් කරගෙන බලාගාරය තුළ විදුලි නිෂ්පාදනය අඩාල විමක් සිදුවුයේ නැහැ .ඊයේ 22 දින සේවයට පැමිනි 600 කට ආසන්න පිරිස් නැවත අද දවසේ රාජකාරි අවසන් විමත් සමග නිවෙස් වෙත යැවිමට කටයුතු සලසනවා යැයි ඔහු පැවසිය.



අදහස් (2)

නොරෝච්චෝල ලක් විජය සේවකයින් කොරෝනා ආසාදිතයින් නොවෙයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 08:35 AM

අනේ, මොනතරම් සතුටක්ද? අප බයෙන් සිටියේ. බුදු සරණයි! සියළු දෙවි පිහිටයි!

:       0       42

Akila Saturday, 23 May 2020 04:21 PM

පුදුමයි නේද? කොරෝනා ලක්ෂණම තියන වෙන ලෙඩත් මතුවෙනවා එක පාරටම...

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site