(අංජුල මහික වීරරත්න)
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.
සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
"අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි"යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට යැවූ ලිපියේ සඳහන් වේ.
COMMENTS
ඔය 3% අය කරන්නේ දේශපාලනයක් නෙවෙයි කප්පම් ව්‍යාපාරයක්. අර කලින් වගේ කීයක් හරි දීලා දාන්න. මීක් නැතුව ඉඳියි
ජවිපෙ නායකයන් කවදාවත් රට ගැන හිතුවේ නැහැ. ඔවුන්ගේ එකම පරමාර්ථය වූයේ කුමන මාර්ගයකින් හෝ පාලන බලය අත්කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් තරුණයින් දස දහස් ගණනක ජීවිත විනාශ කළා. ඊට අමතරව ඔවුන්ගේ ඇත්තේ වැනෙන ප්‍රතිපත්ති. මුලදී රැස්වීමට එකඟ වෙනවා පස්සේ බෑ කියනවා ! මේ වගේ නායකයින්ගෙන් රටට වැඩක් නැහැ ! පක්ෂෙ නම වෙනස් කලත මූණු ටික එකමයි නේ ..! දැන් අරගලයත් අසාර්ථකයි , සමුගැනීමට කාලය හොඳයි...
ආයේ නිකං ලිවුම් ලියන්න මහන්සි වෙන්න එපා ලොක්කා.කෝඳුරු තෙල් හත් පට්ටෙට තව ටිකක් හොයන මිනිස්සුනේ. එන්නෙම නෑ
ඔය අය එකතු වෙන්නේ කොහොමද? ඔක්කොම අය උද්ඝෝෂණය කරන අයනේ...!
ඔබේ ස්ථාවරයේ සිට,සහයෝගය දුන්නොත් හොදයි නේද. හැබැයි අහුවෙන්න එපා.ජීවන වියදම එන්න එන්නම වැඩි වෙනවා. අද වියදම දෙස බැලුවහම අපේ ආදායම කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.තෙල් තුන් ගුණයකින් වැඩි කලා.වතුර බිල,ලයිට් බිල දරාගන්න බැහැ.පොහොට්ටුවේ හැම එකාම ස්වාධීන වෙනව කියල කිිවත් හදිසි නීතියට හැමෝම එකතුවුනා.මේ නඩේ එකතුවෙලා කරන දේ අපට හොදට තේරෙනවා.ඒත් අන්ත ලෙස දුක් වදින ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ඔබේ ස්ථාවරයේ සිට මාස 6 ක පමණ කාලයකට ආණ්ඩුවට ඔබේ සහයෝගය දෙන්න කියල මම යෝජනා කරනවා.
රනිල් ඉස් අ කනින්ග් ජෙන්ට්ලිමන්. හි ඉස් නොට් අ තීෆ් ලයික් අදර් ටොප් පොලිටිශියන්ස්. බට් හි ඩස් නොට් නොව් අබවුත් රියල් ශ්‍රී ලංකන්. වට් එවර් ඉෆොර්ට්ස් හි මේක්ස් ටු රෙක්ටිෆයි කරන්ට් සිටුවේෂන්, හි විල් නොට් බි සක්සස්ෆුල් සින්ස් හි අපොයින්ට්ස් ෆෙයිල්ඩ් ෆෙන්ඩ් ටු ටොප් පෝස්ට්ස්.
විපක්ෂය රනිල්ගේ ඔය රටම අන්දන සර්වපාක්ෂික විහිලුවට අහුවෙන්නේ නැති වෙන්න වගබලාගන්න ඕනේ , පොහෝ ට්ටුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයක් තිබෙන නිසා , ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න , පනත් සම්මත කරගන්න ඕනේ දෙයක් කරගන්න පුළුවන් . සර්ව පාක්ෂික නාඩගම් නටන්න ඕනේ නැහැ
අරගල භාෂාවෙන්ද මෙයාට ලිපිය ලිව්වේ... මේ දවස්වල අනුරට බලවේග බාසාව විතරමයි තේරෙන්නේ..!
ලියුම් ඇර ඇර ඉන්නේ... කෙළින්ම කෝල් එකක් අරන් අහන්නකෝ... කොහොමත් මෙයා කැමැති වෙන්නේ අන්තිමටනේ...!
තියෙන මජර ක්‍රමය කොහොම හරි එකතු වෙලා රැක ගන්න මිසක් රටට සෙතක් කරන්න නෙම්යි ඔය එන්න කියන්නෙ. රටට මිනිස්සුන්ට ආදරය කරන මෙලෝ එකෙක් ඕකට එකතු වෙන්නෙ නෑ.
ජනතාව මට බලයක් දීල නෙ. මෙයා නිකන් ඉල්ලන් කනව.
අසුච් වලකට නහය වහගෙන මේ මනුස්සයටත් බහින්න කියනව වගේ වැඩක් මේක ආයුබෝවන්
Leader of NPP has diagnosed you, precisely.
දැන් මැති ඇමති බලුපොරය ආරම්භ කර ඇත. අනුර කුමාර මෙම පාප කර්ම වලට සම්බන්ධ නොවනු ඇත. පොහොට්ටු දූෂිත ජොනීලා සමග කුමන සර්වපාක්ෂික ආණ්ඩුද? වහාම මැතිවරණයක් තබන්න.
මේ මොන විකාරයක්ද? සර්වපාක්ෂික නොවී තිබුනා නම් තමන්ට රට කරගෙන යාමට බැරි බවයි පෙනෙන්නේ. සිල්ලර ඇමතිකමක් අනුර හිතන්නේ රටක් පාලනය කල හැකියි කියලයි. කොටින්ම IMF එකත් එක්ක, කට උල්කරගෙන, කතා කිරීමේ හැකියාවවත් තිබෙනවාද?
සර්වපාක්ෂික රජයක් පිහිටවනු නම් අරගලකරුවන් කියන පරිදි සිස්ටම් චෙන්ජ් එකක් යෝජනා කල යුතුය. අරගලයට පිං සිදුවන්නට බලයට පත් රනිල් කල යුත්තේ එයයි. නමුත් වන්නේ පරණ ගමන යාමයි. මේවාට අනුර සම්බන්ධ නොවන්න.
රාජපක්ෂවරු හොරකම් කල වත්කම් පවරා ගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් කරන්න. ඔට්ටුවක් රනිල්ට එසේ කල නොහැකිි බවට.
රාජපක්ෂවරු යටින් හසුරවන රජයක් සමග එක්වන්න එපා. මේ වැරදි ගමනක යන රජය ආසන තුනක් පමණක් ඇති ඔබට හරි මගට ගත නොහැකිවනු ඇත. අවසානයේ සියලුම දෙනා දොස් නගනු ඇත්තේ ඔබටයි. මොවුනට සර්වපාක්ෂික ආණ්ඩු වැඩක් නැත. ඇමති වරප්‍රසාද පමණක් අවශ්‍යව ඇත.
අනුර කුමාර දිසානායක වේදිකාවේ සිට ජනතව අමතමින් රට වෙනුවෙන් ඕනෑම වගකීමක් බාර ගැනීමට පසුබට නොවන බව කීවද, වගකීම් බාරගැනීමට ඇරියුම් කලවිට ඔහු සැගවේ.
ආරාධනා කරල ඇත්තෙ එයා බැහැල ඉන්න අසුචි වලට ගොඩ වෙන්න කියල වෙන්න ඇති.
අනුර මැතිතුමනි, අලි පොහොට්ටු තක්කඩියන්ට කිසිම සහයක් නොදෙන්න. දැන් බලන්නෙ ඇමතිකම් 30 සහ රාජ්‍ය ඇමතිකම් 40 ලබාගෙන රට තවත් වනසන්න. ඔක්කොමලට තිබෙන්නේ තඩි බඩක් පමණයි. ඔළුවක් නැහැ.
කිසිම ජනවරමක් නැතිව පාර්ලිමේන්තුවේ දුෂිත දේශපාලනඥයින් 134 දෙනාගේ මනාපෙන් ජනපති උනා. ජනාධිපතිකම රැකගන්න කාගේ කාගේත් සහයෝගය බලාපොරොත්තු වෙනවා ඇති.
අනුර එකතු නොවෙන කාරනය සමහර මහ ජනතවට තේරෙන්නෙ නැහැ.. අනුරල දන්නව රනිල් පැලැස්තර දාන්නෙ රාජපක්ශලව හුරතල් කරන්න කියල.. එලියෙන් රනිල් හිටියට යටින් ගේම ගෙනියන්නෙ බැසිල් කියල දන්න නිසා තමයි අනුර එකතු නොවෙන්නෙ.. එක නොතේරෙන හරක්, ජවිපෙ ට මඩ ගහ ගහ උම්බෑ කියනව. . මොනව කරන්නද.. ලංකාව කවදාවත් ගොඩ ගන්න බැරි ඔන්න ඔය හරක් නිසා.. රනිල් කියන්නෙ නැත්තෙ අැයි එ ලිපියෙ අනුර කියල තියෙන "සලකා බලන්න යන" කරුනු මොනවද කියල? එව ක්‍රියත්මක කරද්දි එකට එක දාගන්න බරි වෙන නිසාද?