(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට දි හෙදියෝ පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවයට එම රෝහලේ හෙදියන් කිහිප දෙනකු සහභාගි වූ අතර,සෞඛ්‍ය සේවාවේ උපස්ථායකවරු,පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කීප දෙනෙක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටියහ.
ඔවුන් කියා සිටියේ විදුලි බිල අඩු කිරිම,වැටුප් විෂමතාවය පිළිබඳව ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම,හෙද සේවාවෙන් ඔබ්බට ගිය විගණන පරීක්ෂණ පැවැත්වීම ,රෝගීන්ට ඖෂධ නොමැති කම යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණු බව එම රෝහලේ හෙද සොයුරියක් වන කේ.ශ්‍රියානි ජයසේකර මහත්මිය පැවසුවාය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.