(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක පෙරමුණකට එක් විය යුතුව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(26) පැවසීය.
අධිකරණය සහ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කර ජනතාවගේ ඡන්ද අයිතියට පයින් ගසා ආණ්ඩුව ගෙන යන ඒකාධිපති වැඩපිළිවෙල පරාජය කළ යුතුව ඇතැයි ද රහුමාන් මහතා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා සහ ජාත්‍යන්තරය මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරද්දි ජනපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මැතිවරණ මගහරිමින් සිටින බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන සඳහා අනු කමිටු පත්කර ඒ සඳහා ආණ්ඩුවේ හෙන්චයියන් පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් රහුමාන් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති එපා කියද්දී අයින්වෙලා ගිහිල්ලා තමන්ගෙ වරද පැහැදිලිව තියෙද්දි මෙහෙම විකාර කියවීම හරිනැහැ නේද ගොයියො
සජබ අටවා ගෙන ගිය ගමන කෙලවා ගෙන රට මේ තත්ත්වයට පත්කිරීමට ඔබලා වග කිව යුතුය.
මේවා තමයි අවුරුදු 75 ක සාපය. මුන් දේසපාලුවෝ.