IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාන්තාවක් පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් ඇළට පෙරැළෙයි

(ඩී.ජී.සුගතපාල)

දෙදරු මවක් (23) බලහත්කාරයෙන් රැගෙන යමින් සිටි ත්‍රි රෝද රථයක් හැව්ලොක් පාරේ ඇළට පෙරැළීමෙන් පසු ත්‍රි රෝද රථය ගොඩට ගෙන කාන්තාව බේරාගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල පදිංචි 26 සහ 30 හැවිරිදි දෙදෙනෙකි. පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා ගාල්ල හැව්ලොක් පාරේ රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර ඔහු එනතුරු ඇය ඒ අසළ සිට ඇති බවයි.

එසේ සිටිය දී රාත්‍රී 11 ට පමණ චීන කොරටුව පෙදෙසේ සිට පැමිණි ත්‍රී රෝද රථයක් ඇය අසළ නවත්වා එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයා එක්වරම ඇයගේ අතින් ඇද ත්‍රීරෝද රථයට නංවාගෙන ඇති බවයි.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඇළට පෙරැළී ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.



අදහස් (5)

කාන්තාවක් පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් ඇළට පෙරැළෙයි

wedage Monday, 28 September 2020 07:25 AM

හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්.

:       0       16

Thiw Monday, 28 September 2020 07:35 AM

ගෑණු කෙනෙක් ත්‍රීවීල් එකක් හොරකම් කරන් යනවා කියලා හිතුවේ

:       1       15

Prasad Monday, 28 September 2020 09:47 AM

මේ මොනවද වෙන්නේ, අපේ සර් ආවානම් මේවා වෙන්නේ නැහැ.

:       7       8

දිමුත් Monday, 28 September 2020 10:27 AM

ඉස්සර ධර්මද්වීපය කියලා කියපු රටක් නේද මේ?

:       0       8

kamal Monday, 28 September 2020 10:33 AM

සසර වසන තුරු... නිවන් දකිනතුරු....

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site