
වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.
කඩා වැටෙනු ඇත්තේ ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටසය. මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇත්තේ, අන්තර් ග්‍රහලෝක රහස් සොයන නිරීක්ෂණ යානායක් අභ්‍යවකාශයේ ඈතට මුදා හැරීමටය. එම මෙහෙයුම සාර්ථක වූ අතර, රොකට්ටුවේ බූස්ටර් කොටස අභ්‍යවකාශ කසළ අතරට එක් විය.
මෙසේ මෙහෙයුම් රාශියකට සම්බන්ධවීමෙන් අනතුරුව පෘතුවි වායුගෝලයට ඇතුළු වීමට ප්රමාණවත් ඉන්ධන තිබී නොමැති අතර පෘතුවිය සහ චන්ද්රයා අතර ඇති ගුරුත්වාකර්ෂණයෙන් මිදීමටද රොකට්ටුවට ශක්තියක් නොමැති බව විද්යාඥයන් පවසයි.
විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ රොකට්ටු කොටස සඳ මතුපිටට කඩා වැටුණහොත්, එය සුනුවිසුණු වී තවත් මෙටි්‍රක් ටොන් හතරක් පමණ අභ්‍යවකාශ කසළ කොටස් අභ්‍යවකාශයට එක් වනු ඇති බවය. රොකට්ටු කැබැල්ල සඳේ ගුරුත්ව බලයට හසුවී, සඳ වෙත ඇදී යනු ඇත්තේ පැයට කිලෝමීටර් 9,288 වේගයකින් බව ද පැවැසෙයි. රොකට්ටු කැබැල්ල සඳේ කුමන ස්ථානයකට නඩා වැටෙනු ඇතැයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
(විමුක්ති එස් රුද්රිගු - ද ගාඩියන්)
2025 නොවැම්බර් මස 04
404
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2182
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රොකට්ටුවක් හඳේ හැපෙන්න යනවා
sharm warn Wednesday, 26 January 2022 04:13 PM
පුංචි කැබැල්ලක් මැදමුල්ලනට, මල්වානට, මිරිහානට වගේ වැටෙන්න බැරිද?
Siri Thursday, 27 January 2022 11:33 AM
කියන්න බලන්න... කොහාටද හරියටම වැටෙන්න ඕනේ..?
Dan Wednesday, 26 January 2022 04:29 PM
ඇයි බන් දැන් පහුගිය කාලේ කිය කිය හිටියේ හඳට ගුරුත්ව බලයක් නෑ කියලා නේද?
DasaWednesday, 26 January 2022 11:39 PM
නෑ බන් අපේ වගේ 1/6 යි
rocky Wednesday, 26 January 2022 06:18 PM
දැන් හඳට ගුරුත්ව බලයක් නැහැ කියලා කවුද ඔබට කිව්වේ..? එහෙම නොතිබුණා නම් මෙලහකට ඒක ඇවිත් මහපොළවේ හැපිලා. ලංකාවටත් කෙළවෙන්න තිබුණා. දැන් වුණත් එහෙම තමයි...! කල්පනාවෙන් ඉන්න... හෙල්මට් එකකුත් දාගෙන...!
විපරමා Wednesday, 26 January 2022 07:06 PM
ඕක ගැන ඔයතරම් හිතන්ඩ දෙයක් නැහැ. අපේ රටෙත් ඉන්නවා සෑහෙන වියදමක් දරලා දැනුමක් ගත්තු රොකට් යැවීම පිළිබඳව ආචාර්ය උපාධියකුත් තියෙන කෙනෙක්...!
විනෝ Thursday, 27 January 2022 07:41 AM
හන්තානට පායන හඳට නම් වැටෙන්න එපා...
ganegoda Thursday, 27 January 2022 12:30 PM
අර හඳට ගහලා කෑල්ලක් කෑවයි කියන්නෙත් මෙයාලටම නේද.?