(අංජුල මහික වීරරත්න)
රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය ජය ගත ගැනීමට එකම මඟ විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම යැයිද ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සමස්ත ආර්ථිකය කඩා වැටී විදේශ සංචිත නොමැති රටක් නැවත නගා සිටුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව කී වජිර අබේවර්ධන මහතා අඩුම තරමින් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන විටම එයට පිළියම් යෙදීමට කටයුතු කළේ නම් අද මේ අසීරු තත්ත්වයට මුහුණදීමට සිදුනොවන බව සඳහන් කළේය.
අද වන විට රට ගෑස්, ඉන්ධන, විදුලිය සහ ආහාර හිඟයට එහා ගිය බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින බව කී අබෙිවර්ධන මහතා බරපතල ලෙස කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩ ගැනීම ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබෙන බවද කීය.
COMMENTS
හරි හරි අපි රැවටුණා. ඇමැතිතුමා ඉම්ෆ් කියපු දේ දැක්කේ නැතුව ඇති. යුරෝපිය රටවල් වල කට්ටිය ලස්සනට කථා කළාට නීතිය අකුරටම පිළිගන්නා බව ඔබ දන්නේ නැතුව ඇති...
රාජපක්ෂවරු රකින්න අගමැතිකම ගත්තට වැඩක් නැහැ. ඔයාලා ඉන්නකන් තවත් රට බංකොළොත් තමයි.
මිනිස්සු අනේකවිද දුක්ගැහැට විඳිමින් ගින්දරක ඉන්න මොහොතේ මේ වගේ අය දේශපාලනයට ඇවිත් බයිලා ගහනවා.
රට ආර්ථික අර්බුදයකට පත් කෙරුවේ දූෂිත, බලලෝභී පවුල් පාලනේ අය. දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද?
මේ චරිත ටික ජනතාව ඡන්දෙන් ගෙදර පැන්නුවේ එපාම වෙලා.. අප්පිරියයි නැවත දකිනකොටත්...
අර යුද්ධය කාලේ ලංකාවට ආධාර දෙන්න එපෝ එපෝ කිය කියා දුවද්දී ඔව්වා හිතුණේ නැහැ නේද? දැන් පරක්කුයි. ගෙදර ගිහින් මේ අපි වගේ එළවලු පාත්තියක් හිටවගෙන ඉන්න බලන්න.
එක එක අවතාර දැන් එළියට එනවා. නැවත පාර්ලිමේන්තුවට රිංගගෙන හිතිලා වගේ දැන්වත් ගොවිතැනක්, බතක් කරගෙන හිටියා නම් හොඳයි නේද? බැරි වැඩ කරන්න දඟලන්නේ නැතිව...!
මෙයා රනිල්ට කඩේ යනවා. බලන් ඉන්නවද දන්නේ නැහැ මොකක් හරි ඇමැතිකමක් අටවලා දෙයි කියලා.. රනිල්ට හුණු ගෑවාම...