(ඩයනා උදයංගනී)
අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි සැකයක් මතු වී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම පිපිරීම හේතුවෙන් අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරනු ලබන නියාමන ටැංකියේ එහි මතුපිට ස්ථරය විනාශ වී ඇතැයිද එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම සිද්ධියට පාදක වූ හේතු සෙවීම සඳහා පොලීසියත්, ඊට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමකුත් විසින් මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ටැංකියේ ජනනය වූ මීතේන් වායුව පුළුස්සා පරිසර හිතකාමී ලෙස වායු ගෝලයට මුදා හැරීම වායු පිළිස්සීමේ උපකරණ 12 ක් යොදා ගනිමින් සිදුවන බැවින් ටැංකිය පුපුරාගියේ මීතේන් වායුව හේතුවෙන් බවට පැතිරෙන කට කතා සම්පූර්ණයෙස්ම අසත්‍ය ඒවා බව කසළ අංගනයේ ව්‍යාපෘති නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.
මෙවැනි මිලිමීටර් 700 ක් ඝනකම සහ මතුපිට ආවරණය මිලිමීටර් 400 ක ඝනකමකින් යුත් දැඩි කොන්ක‍්‍රීට් ආවරණයකින් සමන්විත මෙහි කිසි සේත්ම මීතේන් මගින් පුපුරා යාමක් සිදුවිය නොහැකි බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවී ඇත්තේ වැඩ අවසන් නොකරපු පද්ධතියේ කුණු දැමීම නිසා මීතේන් වායුව රැස්වන ටැංකියක් පිපිරීමයි. පීඩන පාලන උපකරණ තවම සවි කර නොමැත.
හොයලා මොනවා කරන්නද ? අපේ පුත්තලමට කොළඹ කුණු එපා.
මේක ගෝටාබය කලාද දන්නේ නෑ හොයල බලන්න වෙයි.