IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.

මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු වෙඩි තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (16)

අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි

De Silva Friday, 26 May 2023 08:31 AM

දකුනේ සිංහල බෞද්ධයන් සමග සෙල්ලම් නෑ පුතෝ....

:       79       39

SamFriday, 26 May 2023 10:59 AM

හෙළ බුද්ධ සාසනය මිනිස්සුන්ගේ ආචාරධර්ම උපරිමයෙන් ගොඩනඟලා ඉවරවෙලා දැන් ආර්ථිකය සහ දේශපාලනය ගොඩ දාන්න හදන්නේ.

:       81       36

dakune apiFriday, 02 June 2023 12:02 PM

සිල්වා කෙනෙක්දැයි අපිට අදාළ නොවේ...

:       0       0

ලුම්බිණි Friday, 26 May 2023 08:35 AM

පාතාල නායකයාගේ බෑනණුවන් නියෝජ්‍ය විදුහල්පති. ලංකාවේ පමණයි.

:       95       58

SenakaFriday, 26 May 2023 10:17 AM

පවුලේ මොකෙක් හරි බූරුවෙක් පාතාලයෙක් උනා කියලා පවුලේ හැමෝම වෙඩි කන්න ඕනද. ලුම්බිණි තමුන් වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද?

:       18       100

ගජන් Friday, 26 May 2023 01:05 PM

විදුහලක විදුහල්පති වේවා, නියෝජ්‍ය විදුහල්පති වේවා, ගුරුවරු වේවා ඔවුන් විනයක් ඇතිව සිටිය යුතු පිරිසක් වෙනවා ඇත්තටම එහෙම කෙනෙක් පාසලක සේවයේ තැබීම සුදුසු නැහැ. ඩිස්ලයික් දමා තිබුණත් ලුම්බිණි කියන්නේ සහතික ඇත්ත මම හිතන්නේ සේනකත් පාතාලයට ගෑවිලාවත් ඇති කියලා තමයි...

:       60       20

SenakaFriday, 26 May 2023 02:01 PM

අපේ රටේ කාටහරි කරදරයක් වුණාමත් එයාට කතන්දර හදන කුණුගතිය ලංකාවේ අයට කොහොමත් තියෙනවා ගජන්. ගුරුවරයෙක්ගේ අගයක් දන්නේ නැති, කෙලෙහි ගුණයක් නැති අයට ඔහොම කතා කියන්න පුළුවන්... වුණාට ඉස්කෝලේ ගියපු මිනිහෙක් දන්නවා පාතාල කෙරුවාවෙන් නියෝජ්‍ය විදුහල්පති වෙන්න බෑ කියලා. මට නම් පාතාල සම්බන්ධකම් නෑ. හැබැයි තමුන්නැහැලා 2 නම් වෙඩික්කරුවගේ නෑදෑයින් වගෙයි...

:       9       47

නිහාල් Friday, 26 May 2023 10:15 AM

මේ රට මෙහෙම තියනවා පුදුමයි

:       1       38

Kuma Friday, 26 May 2023 10:22 AM

අරගලයේ හිටිය විදුහල්පති කෙනෙක් කියලා ලියන්න අමතක වෙලා.

:       53       39

ගාමිණී Friday, 26 May 2023 11:39 AM

ඔය තුවක්කු කොහෙන්ද? ඕවා... හොයන්න ඇයි පොලිසිය උනන්දු වෙන්නේ නැත්තේ...? ඕවා අරගෙන පාරේ යනකොට අහුවෙන්නේ නැත්තේ අයියේ. ඉඳිකට්ටක් කට්ටක් නෙමෙයි නේ. දකුණම ලොක්ඩවුන් කරලා චෙක් කෙරුවානම් පාතාලේ බාගයක් අඩුවෙනවා.

:       11       22

කිරිපුතා Friday, 26 May 2023 11:53 AM

පොලිසියෙන් අල්ලන පාතාලයින්, කුඩු කාරයින්, දූෂකයින්, මිනීමරුවන් උසාවියෙන් නිදහස් වෙනවා. ඔවුන් නැවත සමාජගතවෙලා සුපුරුදු දේම කරනවා. සමාජය හැම දෙයක්ම තමතම පටු දේශපාලනික සහ ආගමික මත මත හිඳගෙන ඒ වැරැදි විනිශ්චය කරන්න යනවා. තද නීති ඇවිත් ඒවා හොඳින් ක්‍රියාත්මක වන පරිසරයක් ආවොත් පමණක් රට යහමගට යාවි. නැත්නම් එන්න එන්නම පිරිහීම කරායනවා..

:       2       75

Nimal Ambalangoda Friday, 26 May 2023 02:16 PM

මේ වෙඩිකාපු නියෝජ්‍ය විදුහල්පති කියන අය මීට පෙර සිදුවීම් සඳහා සිරගතව සිට ඇප මත සිටින අයෙක්... ධර්මාශෝකයේ වර්තමාන විදුහල්පතිගේ නොමනා ක්‍රියාවන්ට සහාය ලබාගැනීමට මේ තැනැත්තා පාසැලට කැඳවාගෙන දරුවන්ගේ විනය පාලක තනතුරට ඔහු පත්කරලා තියනවා​...

:       43       16

prasanna Friday, 26 May 2023 03:07 PM

dan nam lankawe araksa wela jeewath wenna kata punchek ganna wenawa.

:       0       4

Bunny Preena Friday, 26 May 2023 03:59 PM

රටකට ගිය කලක්...!

:       0       13

ගාමිණී Sunday, 28 May 2023 07:30 AM

විනය පාලකගේ විනය අය්යෝ. විනය පාලක සිරගතව සිට නිදහස ලැබූ කෙනෙකි.මේ වගේ වගේ නි : විදුහල්පති වරු ඉන්න ඉස්කෝල වල ළමයි ගැන කවර කතාද. ළමයි විතරක් නෙමෙයි විදුහල්පති වරුන්ගේත් විනය අන්තිමයි.

:       1       1

sampath Tuesday, 30 May 2023 08:44 PM

විනය හදන්න දෙන්න ඕනේ එහෙම අය තමයි.දැන් දකුණ නිකම් චිකාගෝවක් වගේ වෙලා. පොලිසියට බැරි නම් එස්.ටී.එෆ් එකට භාර දීලා මේවා ඉක්මනින් අවසන් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී ආරක්ෂකයා ගංජා අදිද්දී මාට්ටු
2023 සැප්තැම්බර් මස 30 244 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රී


බලු සිද්දියකට පී.සී මුදලාලිට ගහලා
2023 සැප්තැම්බර් මස 30 316 0

අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැය


ගනේමුල්ල සංජිව ගේ ගිනි අවි සොහොන් බිමෙන් මතුවේ
2023 සැප්තැම්බර් මස 30 1196 0

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ


රන් සොරකමකට ගුවන්තොටේ ආරක්ෂකයෙක් මාට්ටු
2023 සැප්තැම්බර් මස 30 564 0

කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්


නිරිත දිගට තවදුරටත් තද වැසි
2023 සැප්තැම්බර් මස 30 309 0

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි.


8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ
2023 සැප්තැම්බර් මස 30 2111 0

පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2010 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 767 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 439 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site