IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක්



(ඉන්දිකා රාමනායක)


 පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී  ඉකුත් දා තමන්ට  මිරිස් කුඩු එල්ල කළ   සැකකාර මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින්   එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේදා මහතා අද (21) දහවල් පොලිස් මුලස්ථානයට  පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


මන්ති‍්‍රවරයා  නීතිඥවරුන් පිරිසක් සමග පැමිණ අද දහවල් 12.00 ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.


පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.


සිද්ධවුන මේ සිදුවීම පිළිබඳව  ඇත්තේ විශාල වේදනාවක්. එදා කතානායකවරයා ඇතුලූ පිරිස සමඟ යද්දි    එකවරම මෙම මිරිස්කුඩු ප‍්‍රහාර එල්ල වුණා.  ඒ ප‍්‍රහාරය කෙලින්ම එල්ල වුනේ මගේ ඇහැට.  ඇහැ වහගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. එම අවස්ථාවේ ඇස් වලට ඇති වු වේදනාව මෙතෙකැයි  කියලා කියන්න බැහැ.  


මිරිස්කුඩු වැදිලා තාමත් මගේ ඇස්වල පටලයක් වගේ බැදිලා තියනවා. පාර්ලිම්න්තුව කියන්නේ උත්තරීතර ආයතනයක් , එහිදී මෙවැනි දේ සිදුවීම පිළිබඳව ඇත්තේ ඉතාමත් කනගාටුවක්.  


මම අද  මගේ නීතිඥවරුන් සමග පැමිණියේ  පැමිණිල්ල ඉදිරිපත් කරලා .  මෙම සිද්ධිය සම්බන්ධයෙන් මම අධිකරණයට යනවා.  මෙම සිද්ධියට සම්බන්ධ සියලූ  චුදිතයන්ට අධිකරණයෙන් නඩුවම් ලබා දෙනවා යැයිද මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.


ඉකතු (16) වැදි දින පස්වරුවේ  පාර්ලිමේන්තුවේ උණුසුම් තත්තවයක් හමුවේ  ගාමිණි ජයවික‍්‍රම මහතා වෙත මිරිස්කුඩු ප‍්‍රහාරයක් එල්ල වී තිබුණි.
 
 



අදහස් (3)

මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක්

Nirosh Wednesday, 21 November 2018 01:05 PM

මිරිස්කුඩුවලින් දැවිල්ල ඇල්ලුව වගේද? ජවිපෙ කලබල කාලෙ ඉස්කුරුප්පු ඇණ ගහපුවා... තව මදි මිරිස් කුඩු...

:       255       245

NalakaWednesday, 21 November 2018 08:18 PM

ජවිපෙ කවද්ද පාර්ලිමේන්තුව ඇතුලේ ඉස්කුරුප්පු ඇන ගැහැව්වේ?

:       0       0

Bamunuarachchi Wednesday, 21 November 2018 11:34 PM

පිනක් දහමක් කරගන්න කාලේ හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site