
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග කියයි.
එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද වාර්තාවේ.
ඩොලර් හඟගය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම, සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.
COMMENTS
පහුගිය දවස්වල වෙන කතාවක් නේ කිව්වෙ? , කොවිඩ් නිසා නැව් එන්නෙ නැහැ. නැව් ගාස්තු වැඩියි අරව මේව. දැන් ගෙදරටම ආපු බඩු ටිකට ගෙවන්න සල්ලි නැතිලු.
මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අකමැති?
අත්‍යාවශ්‍ය නම් හිරකර හිටියම හරි යනවද කුණුවෙනවා නරක්වෙනවා කියලා දන්නෙ නැද්ද. විනිමය ගෙවල ගන්න වෙලාවෙ කුණුවෙලා කියලා විසි කරනවා සල්ලිත් නැහැ බඩුත් නැහැ මෙහෙම නාස්ති වෙන්නෙ ජනතා මුදල් කියලා තේරුම් ගන්න බැරිද. වරායේ හිර නොවෙන්න ගේන්න බැරිනම් ජාතික ධනය නාස්ති නොකර ගෙන්වීම නවත්තන්න
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහය පැතීම හැර වෙන විකල්පයක් නැත.
නුඹෙ අම්මා කිරට ගියා කිරි එරවා එන්න ගියා කිරි මුට්ටිය ගගේ ගියා ඊට උඩින් කොක්කු ගියා මෙහෙම කිව්වම දරුවො බඩගින්නෙ අහගෙන ඉන්නවා ඒ වගේ වරායෙ කන්ටේනර් හිරවෙලා කිව්වට බඩගිනි නිවෙන්නෙ නැහැ ඩොලර් නැත්නම් තවත් ණයට අරගෙන මංතීරු ටිකක් හදමුකෝ
මොකටද ඔය කසි කබල් වරාය තවත් පාවිච්චි කරන්නේ.අර කිරි කිරි වරායක් හම්බන්තොට පාලුවෙන් බලා ඉන්දැද්දී .හනේ අපිට කවදා මොලේ පෑදෙයිද ?
එකම පිළියම මෙයාලා හොරකම් කරපු දේපල රාජසන්තක කිරීම.වෙන විකල්පයක් නැත
කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා ,රට විනාශ නොකර ගෙදර යන්න .වරායේ හිර වෙලා තිබෙන ආහාර ටික නිදහස් කරගන්න ,පොහොර ටික ගේන්න සල්ලි නැහැ .නමුත් ජෝගින් ට්‍රැක් ,ජිම් හදනවා
නිකන් ඩොලර් නෑ කිය කියා ඉදලා හරියන්නේ නෑනේ. 2/3 ක බලයකුත් තියනවා නන්, එකම රටක් එක නීතියක් නන් ක්‍රියාත්මක කරන්ඩ ඉන්නේ, හොරුන්ගෙන් සල්ලි අරගෙන ගෙවන්ඩ.
අර නැනෝ පොහොර වලට වැඩියෙන් ගෙවපු ඩොලර් මිලියන 1100 තිබ්බා නම් ඕවා නිදහස් කරගන්න තිබුණා නේද. ඊයෙ ජනාධිපති නං කිව්වා 2/3 තියෙන නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.
මිනිසුන්ට කන්න තියෙන දේවල් ගෙන්න ඕන සල්ලි නේද අර චින නැවට ගෙවන්නේ. එතන ඩොලර් මිලියන 4ක්. කව්ද මේවගේ වගකීම බාරගන්නේ?
ඕවා අත්‍යවශ්‍ය ආහාර නම් තියාගෙන ඉන්නේ කුණුවෙනකන්ද අපිට දෙන්න?
රට නැමැති නැව ගිලෙනවා .. ඒ වුණාට රට කරවන ඇත්තන් වීණා වාදනය කරනවා .. පදවි ප්‍රාප්ති,පියවරුන් වෙනුවෙන් පුෂ්පෝපහාර ඇතුළු බොහෝ දේ සඳහා හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා බටා ඇතුළු වියදම් කොපමණද ?
හොඳටම කරපු සර්ගේ තරම
මේවාට වග කියන්න ඕනේ යහපාලන රජය
මහ ලොකු ආර්ථික ඔස්තාර්... මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ... දූෂිත දේශපාලුවන් නිසා තමයි මේවාට වගකියන්න ඕනේ... හොරකම්, වංචා, දූෂණ, නිකරුණේ මුදල් කාබාසීනියා කිරිම, නිසි කළමනාකරණයක් නැති වැඩ... හත් පොලේම ගාගෙන දඟලනවා. හරියටම කරන්න පුලුවන් එකම දේ බොරුකීම, දූෂණ මිසක් වෙන මොනවාද?.
උත්සව අවලංගු කරන්න රජයේ සියලු විදෙස් ගමන් තහනම් කරන්න මැති ඇමති වාහන 1 ක් පමණක් ධාවනය කරන්න. පූද්ගලික වාහන භාවිතය අවම කිරීමට නීතී ක්‍රියාත්මක කරන්න අපනයනය ඉහළ නැංවීමට ක්ෂණික පියවර ගන්න වසර 30 ක් රාජ්ය සේවයේ නිරතව සිටි සියලුම දෙනාගෙ වත්කම් සෙවීමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු, රුසියානු, ආයතන 03 කට බාර දි සොරකම් කළ ධනය වස්තුව. රාජසන්තක කල විට 75% ක් ගැටළු විසදෙනූ ඇත.
ආර්තික ඔස්තාර් කෙනෙක් කියන කතා. වරායේ බඩු හිරවුණාම අපිද පළි..? ආණ්ඩුව ඉන්නේ අහවල් දේකටද?
වෙන රටවල් ජන ජීවිතයට මුල්තැන දෙනවා. ඒකටත් එක්ක ලංකාවේ... කිසිම කළමනාකරණයක් නැති,දේශපාලුවෝ..?
ඩොලර් හොයන්න යන විකලපමාර්ග කියන්නේ මහජනයා ගොනාට අන්දන්න තවත් බොරුවක්.