(සුජිත් හේවාජුලිගේ)
අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයා බොහෝ කරුණු කතා කළද තවමත් ඒ ගැන අදහසක් පළ කර නැතැයි හෙතෙම සඳහන් කළේය.
ඕනෑම පක්ෂයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා කෙටි කාලයකට සහයෝගය ලබාදිය හැකි වුවත් දීර්ඝ කාලයක් සඳහා එසේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා සියලු දේ කළ හැක්කේ පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කෙරෙන පදනම තුළ පමණක් බවද ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාලයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් මාස හයක් වැනි කෙටි කාලයකට පිහිටුවීමට එකඟවූ බවත් පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර රට යථා තත්වයට පත්කර ගැනීමෙන් පසු ඒ කාලසීමාව ඇතුළතදී මැතිවරණයකට යෑමට එහිදී තීරණය කෙරුණු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග තව වසර තුනකට ඡන්දයක් නොපැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පදනම යටතේ සර්ව සර්වපාක්ෂික රජය ක්‍රියාත්මක වන කාල සීමාව පිළිබඳව බරපතළ සැකයක් මතු වන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
අනේ මනුස්සයෝ... මේ රටටම කෙළවෙච්චි වෙලාවක්... මේ වෙලාවේ වත් දේශපාලනේ න්‍යාය පත්‍රයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් යමක් කරන්න හිතාගන්න. පැහැදිලිවම මේ රටේ රාජපක්ෂ පරපුර විතරක් දේශපාලනේ ඉන්න ඔක්කොම රටට ණයයි. තමුන් කියලා වෙනසක් නෑ. කරපු කෙහෙල්මලක් නැහැනේ... කළා නම් රට හිඟමනට වැටෙන්නේ නැහැනේ... දැන්වත් මේ අවුරුදු 2ක් වැඩක් කරලා රට බේරගෙන ඊළඟ ඡන්දෙට යන්න. තමුන්ටත් දැන් 75ක් නේද?
එතකොට මධ්‍යම අධිවේගයෙන් ගන්න පුළුවන් ගණන සකසා ගන්න පුළුවන්ද?
රටට හෙන ගැහුවාම මට මොකෝ...? මට ඕනෑ කොහොමින් කොහොම හරි මගේ සාක්කුවට වාසියක් විතරයි කියලද මේ කියන්නේ..?
වැදගත් දෙයක් ගැන කිව්වමද කොහේද?
කාලෝචිත ඉල්ලීමක්... ජනතාව ඉල්ලන්නේ ඡන්දයක් තියලා සුදුසු පාලනයක් ඇතිකර ගන්න අවස්ථාවක් මිස පරණ කැඳ හැලිය රත්කිරීම නොවේ.
පොහොට්ටුවේ අයට කොහොමහරි තව අවුරුදු 2ක් රට කන්න වුණේ...
මේ වගේ දේශපාලකයන් සිටින තාක් අපි සංවර්ධනය වෙමින් සිටින රටක් තමා.ආන්ඩුවෙ කාලසීමාව හොයන්න පෙර ඔබ වත්කම් සොයාගත් හැටි රටට හෙලි කරන්න.