(අංජුල මහික වීරරත්න)
ජනතාව පෝලිම් වල දුක් විඳිමින් අසීරුතාවයකට මුහුණ දී සිටි සමයේ පාර්ලිමේන්තු පාරෙන් වත් යන්නට බිය වූ දේශපාලකයන් දැන් රට යහපත් අතට ගෙන එන එමින් සිටියදී බලය ලබා ගැනීමට කුරුමානම් අල්ලන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
දැන් බලය ලබාගන්නට කුරුමානම් අල්ලන දේශපාලකයන් එදා ජනතා අසීරුතා හමුවේ ඒවාට විසඳුම් ලබා දීමට ඉදිරිපත් නොවී ජනතාව අතරින් වසන්වී හැංඟී සිටි බවද වජිර අබේවර්ධන මහතා කීය.
එදා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා රට නැවත හරි මඟට ගැනීමේ අභියෝගය බාරගෙන සාර්ථකත්වයට පත් වෙමින් සිටින බව කී අබේවර්ධන මහතා දැන් බලය ගන්නට උත්සාහ කරන අය රට නගන්නට තිබෙන වැඩපිළිවෙළ කුමක්දැයි රටේ ජනතාවටත් ලෝකයාටත් ප්‍රසිද්ධියේ හෙළි කළ යුතු බව සඳහන් කළේය.
COMMENTS
ඔව් ඔය හැමෝම දැන් කලඑළි බහිනවා හිමිහිට.
තව ටික දවසක් බොරුවට කෑ ගහ ගහා ඉන්නවාකෝ. තමුසේ පින් මන්ත්‍රී කෙනෙක් බවවත් අමතකද ?කවුද තමුසෙලා වගේ අපරාධකාරයින්ට ඡන්දෙ දෙන්නේ ?අපි වැඩිය කෑගහන්නේ නැහැ, අපි බලාගෙන ඉන්නවා තමුසෙගෙ ඉරණම....අහිංසක කොල්ලන් නන්නත්තාර කරලා ලෙඩ්ඩු කරපු උඹට සහගහනවා, උඹගේ ඉරණමත් අපි මහා පාරේදීම තීරණය කරනවා.කාලකන්නියා.පිනා.
නියම කතාව. ඔබතුමාට පමණයි මෙය තේරෙන්නේ. පාර්ලිමේන්තුවට අවශ්‍ය ඔබවන් ඉංජිනේරුවන් සහ අනිකුත් වෘත්තින්වල සිටින විද්වතුන්. බස් ඩ්‍රයිවර්ලා නොවේ. මිනීමරණ කුහකයොත් නෙවේ.
ලොක්කට ගොට්ට අල්ල අල්ලා මෙයා කුරුමානම් අල්ලන්නේ මොකටද කියලා තේරුම් ගන්න පුළුවන්.
මෙයා ආවෙ හොර පාරෙන්. ජනතාව පත්කරලා එවපු කෙනෙක් නොවේ. දැන් කයිවාරු ගහනවා.
පිං මන්ත්‍රීලා හැම විටම කතා කරන්නේ හැසිරෙන්නේ ඔය විදියටයි. ඔය විදියට කතා කරන ස්ත්‍රී පරාණයකුත් ඉන්නවා.
සවන් දෙන්න මැතිවරුණි .පගා මාස්ටර් ඔබ අමතයි .මේ තව එක පින් ගොනෙක්
ඇත්ත....
වජිර අබේවර්ධන මහත්මයා... මොන දේශපාලුවන්ටද පුළුවන් අපේ ජනාධිපති රනිල් මැතිතුමා කරන වැඩේ කරන්න. රනිල් ජනාධිපති ධුරය බාරගත්තු දවසේ ඉඳන් ලෝකෙන් හිඟා කෑවා. රටේ ප්‍රශ්න විසඳලා දුප්පත් මිනිස්සුන්ට සහන සලස්වන්න. මොන පක්ෂයේ මොන දේශපාලුවටද මේ වැඩේ කරන්න පුළුවන්... රට ගොඩගන්න. රනිල්ටත්, එජාපයටත් ජයවේවා..!
අනේ ඔවු ඒකනේ UNP එක පොහොට්ටුවෙ හොරුන් ඒකක ඒකතුවෙලා ඉන්නෙ.
ඔහොම ගොට්ට අල්ලන්න ලැජ්ජා නැද්ද? මොකද්ද ඉදිරි බලාපොරොත්තුව...? ඒවා හීන විතරයි. ඔබතුමා පරෙස්සමින් කතාකරන්න.. මොකද ඉදිරියේදී ඡන්දයක් එනවා. ඔය වගේ ගොන් කථාවලින් වෙන්නේ තියෙන ටිකත් නැතිවෙන එකයි. ඔච්චරම මෝඩකථා කියන්න එපා... මිනිස්සු මෝඩයින් නෙමෙයි ඕවා විශ්වාස කරන්න...