( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (7) සිව් වැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ විය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාග කෙරේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
අතර මැදි පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම පෙරවරු 10.00ට ආරම්භ කෙරිණි.
මේ අතර ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (07) අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු නියෝජ්‍ය අමත්‍යවරයාට සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් කළ අතර එම නොතීසිය අනුව රංජන් රාමනායක මහතාද අධිකරණයට පැමිණියේය.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර ,ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරණ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දසදෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඡායාරූප - ළහිරු හර්ෂණ




2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය සිව්වැනි දිනටත් ඇරඹේ
palitha Friday, 07 December 2018 11:01 AM
චීන හුවාවි සමාගමේ ප්‍රධාන මූල්‍ය විධායක නිලධාරීනිය අත්අඩංගුවට චීන හුවාවි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මූල්‍ය විධායක නිලධාරීනි සහ එහි අයිතිකරුගේ දියණිය වන මෙන්ග් වැන්ෂු කැනඩාවේ වෑන් කූවර් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇමෙරිකාව විසින් ඉරානයට පැන වූ සම්බාධක උල්ලංඝණය කළැයි ඇය අත්අඩංගුවට ගත් බවත් මෙතෙක් එය නිල වශයෙන් වාර්තා වී නොමැත. හුවාවි සමාගම මේ වසරේ ඇමෙරිකාවේ ඇපල් සමාගම අභිබවා ලොව දෙවැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා විය..