(නිමන්ති රණසිංහ)
ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (28) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.
රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ද වාර්තා වේ.
එම විශේෂ ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක සෙබලුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මෙම විශේෂ ප්‍රභූවරයා සම්බන්ධයෙන් අප තොරතුරු සොයා බැලීමේදී එලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ හිටපු නාවුක හමුදාපතිවරයකු බවට තොරතුරු අනාවරණය විය.
COMMENTS
ෂික් විතරක්. අන්තිම වාක්‍යය දැක්කට පස්සේ හිතට ආව සන්තෝෂය නැතුව ගිය.
අපේ මයිනදෝ කියලා හිතෙන්නේ මට විතරද? ඇහුවමයි නාවික හමුදාපතිවරුන්ට මෙහෙම සැලකිලි.
නාවුක හමුදාපති කෙනෙක් කියලා ටක්කෙටම කියන්න බැහැ. ඉන්න ජනාධිපති, හිටපු ජනාධිපතිලා මේ සේරම නවගුණ වැල ගැණ ගැණ පිරිත් අහ අහ ඉන්න කට්ටිය.
ඉක්මනටම බැලුවා මයිනද කියලා... බැලින්නම් කප්පම් ගත්තු දිය කාවෙක්...!
ප්‍රභුවරුන් උපන්දින්නේ අලි පු,,,.ද?
අයියො මම හිතුවෙ කපුටගෙ දෙවනි අයිය කියල.. බලහම නාවිකයෙක්නෙ. වැඩක් නෑ........
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.
ප්‍රබූවරයෙක් කිව්වම අපි හිතුවේ රට වලපල්ලට ඇදලාදාපු දුශිත බලලෝබි දේසපාලුවෙක් කියලා?
ප්‍රභූවරු කියන්නේ මොනුන්ද? සත්තු ජාතියක්ද?
හිටපු නාවුක හමුදාපති කියන්නෙ විශ්‍රාමිකයෙක් මිස ප්‍රභූවරයකු වෙන්නෙ කොහොමද ඔවුන්ට ඔවුන්ගේ රෝහල් තියෙනවා එහෙම තියෙද්දි මෙහෙම කිරීම හරිම අසාධාරණ ක්‍රියාවක් කියලා හිතෙනවා විශ්‍රාම ගිහිල්ලා මෙහෙම නම් සේවයේ ඉන්න ඇත්තේ කොහොමද කියලා හිතෙනවා
සියලුම ලාංකික ජනතාව වෙතයි. ශ්‍රී ලංකාව තුළ කිසිඳු ප්‍රභූවරයෙක් නොමැත.
ලෙඩෙක් නොවේ....!
මේ මොහොතේවත් අමතක වුණාද දන්නෑ එලොවට යැවූ කොල්ලන් ගැන...!
"ඔව්, තරුණ කෙල්ලො කොල්ලො වලපල්ලට නොදැමූ ත්‍රස්තයකු ගැන දන්නවාද? රට කෑලිවලට කපා සිංහලයාට පණ ගැහි ගැහී ඉන්න දුන්නා නම් මෙහෙම සිංහල බසින් ලියයිද? අද ද්‍රවිඩ සිංහල දෙකොටසම සතුටින් නේද? නමුත් අපහාස කරන්නේ එදා දවස අමතකද? ඊට ඉහළින් යන්න කී දෙනෙක් පෙරුම් පුරනවාද? රට බේරාගත් ඒ මනුස්සයාට වැඩි දෙනෙක් අද අකමැතියි තමයි. ඒ මනුස්සයා මැරිලා යයි. ඒත් ඒ නම මැරෙන්නෑ.. කෙතරම් වෛරක්කාරයකුටවත් මැරෙන බව අසා හෝ පතන්න හෝ සාප දෙන්න පෙර හිතන්න ඒ සාප තමුන්ට නොව පවුලේ ඊළඟ පරපුරටලු ඵල දෙන්නේ....!
ඔහු රටට කළ සේවය දන්නේ ටික දෙනයි. නමුත් උතුරේ යුද්ධය අවසාන මොහොතේ ඔහු රටට කළ සේවය දන්නේ නාවික හමුදාවේ අය පමණයි. ඔහු යුද්ධය අවසන් වී යහපාලන සමයේ ඇවන් ගාඩ් ආයතනය රජයට පවරා ගැනීමට කටයුතු කිරීමේදී ඉදිරියෙන්ම සිටි නිසා ඔහුව බොරු නඩු කටයුත්තකට සම්බන්ධ කර ඔහුට ඇති කළ මානසික පිඩනය හා ආතතිය නිසා තමයි අද ඔහු මෙම තත්ත්වයට පත්ව ඇත්තේ...
ඔය ප්‍රභූවරු කියන එවුන් අපේ රටේ ඉන්නවාද? කාලකන්නි තක්කඩි දේශපාලුවන්වත් ප්‍රභූ පන්තියට දාලා තියෙද්දී ආයේ වෙන මොන කථාද...?
සාමාන්‍ය විදිහට ප්‍රතිකාර කරන්න හැමෝම ජීවත් වෙන්න ඕනෑ. ප්‍රභූ කියලා විශේෂයක් කොහෙන්ද හදාගත්තේ... ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
දැන් කයිද ඔය කියන පුභූවරයා දේශපාලනයට ඇවිත් හොරකම් කරන අයටද එහෙම කියන්නේ..? මොකක්ද ඒකගෙ තියෙන ලොකුකම..? හොරකම් කරන එකද? මොවුන්ගේ ඇති ලොකුකමක් නැහැ...