
(අංජුල මහික වීරරත්න)
සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
රථ වාහන ආනයනය කළ යුත්තේ රුපියල බාල්දු නොවන ආකාරයට බව කී මන්ත්‍රීවරයා රුපියල බාල්දු වුවහොත් නැවත ශක්තිමත් කිරීම සඳහා බදු වැඩි කිරීමට සිදුවන බව කීය.
ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විධිමත් කාර්යභාරයක් සිදුකළ යුතුව ඇති බව කී කරුණානායක මහතා ඉන්දියාව,චීනය,ඇමරිකාව,යුරෝපය,ජපානය,යන රටවල් සමග එක්ව විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව සඳහන් කළේය.
කළ යුත්තේ ජේ.ආර් අනුගමනය කළ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් බවද කරුණනායක මහතා සඳහන් කළේය.
ආනයන තරමටම අපනයන දියුණු නොකළහොත් රුපියල දෙදරන බවද කරුණානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වා කියලා වැඩක් නෑ... බත් කන හරකුන්ට...!
හොඳටම කරන්නේ ඔයගොල්ලෝ, දැන් යාවත්කාලීන කිරිම් අනවශ්‍යයි
මට මතකයි. මෙයා ගියපාර මුදල් ඇමැති වෙනකොට එක සුමානෙන් ගෙදර තිබ්බ පරණ වාහන අයින් වෙලා, අලුත් සුඛෝපබෝගී වාහන මෙයාටත්, ගෙදර කට්ටියටත් ගෙනාවා. (ඒවා ගත්තේ කොහොමද කියන එක වෙනම කතාවක්) එහෙම කුහකයින් තමයි මේ අනිත් මිනිස්සු වාහන ගන්නවාට බාල්දි දාන්නේ...
තමුන් මුදල් ඇමැතියා වෙලා ඉන්න කාලේ කරපු හරිය හොඳටම ඇති. දූෂිත වැඩ කරපු හැටි දන්නෝ හොඳාකාරවම දනිති.
ලෝකෙ ඉන්න හොඳම මුදල් ඇමැති, හොරෙන් දියවන්නාවට රිංගලා, කාලෙකට පස්සේ කට ඇරලා... ඒත් ඇයි මෙයා JR ගැන කියවන්නේ? එතකොට පළපුරුදු සීයා අනුගමනය කරපු ප්‍රතිපත්ති වැඩකට නැතෙයි?
මහ බැංකුව කොල්ලකාලා, සතොස නැතිභංගස්නථා කරලා, මහල් නිවාස පගා ගත්තු කෙනෙක් කියන කතා...!
රටම බාල්දු කරපු උන්දැ කියන කතා.
දැන්වත් කට වහගෙන ඉන්න හලෝ. මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව...
මේ හලෝ , ඔයා නිකම්ම නිකම් පින් මන්ත්‍රී කෙනෙක් විතරයි. අඩුම ගානේ මහජන ඡන්දයෙන් දිනලා ආපු කෙනෙක් නම් ටිකක් අහන්නවත් තිබුණා. ඔයාගේ ආර්ථික උපදෙස් මේ ආණ්ඩුවට අවශ්‍ය නැහැ. අර හොරාට ගත්තු එපාර්මන්ට් එකේ නඩුවේදී "මට මතක නැහැ" කියපු ඔබ වගේ අන්කුට්ටන්ගේ උපදෙස් ගන්න තරම් මේ ආණ්ඩුව මෝඩ නැහැ. ඔයාගේ නඩු ඔක්කෝම ආපහු එළියට ගන්නවා ළඟදීම...
ඔවුන්ට ඔබේ උපදෙස් අවශ්‍ය නැත. ඔබේ හැකියාවන් සහ ඔබ ඉතිහාසයේ අපගේ මුදල් සොරකම් කළ ආකාරය අපි දුටුවෙමු.
නොදන්න නිසා අහන්නේ, එතකොට JR කෙරුවේ ආනයන තරමට අපනයන දියුණු කරපු එකද? ඔය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශීය කර්මාන්ත මොනතරම් ප්‍රමාණයක් වැහිලා ගියා කියලා දන්නවාද? ආයේත් රටට කෙලවන්නද කල්පනාව...?
විවෘත ආර්ථිකය පටන් ගන්න කලින් රුපියල සහ ඉන් පස්සේ රුපියල ට මොකද වුනේ කියල බලලද ඔය කියන්නේ .
මේ පුද්ගලයා දූෂණයට වගකිව යුතු තවත් තක්කඩියෙකි. මේ තක්කඩියා කියන දේ අහන්නේ කවුද දෙයියනේ! Piss off!
මෙයා මොන දේවල් කරලා තිබුණත් මේ කියන කතාව හරි. අමාරුවෙන් රට යන අවස්ථාවේ මුදලාලිලා සතුටු කරන්න වාහන ගෙන්වන එක හොඳ වැඩක් කියලා කියන්න බැ. වාහන නොගෙන්නුවා කියලා මේ වෙලාවේ රටට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.